ශක්ති Crown ජයග්‍රාහකයන්ගේ ගීත M Entertainment හරහා විකාශය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශක්ති නාළිකාව මගින් විකාශය වූ ශක්ති Crown හී අවසන් තරගකරුවන් 6 දෙනා සඳහා ඔවුන්ගේ ගීත ලොව පුරා විකාශය කිරීම සඳහා  M Entertainment ආයතනය සමඟ ශක්ති නාළිකාව ගිවිසුමක් අත්සන් කරන ලදී.

පසුගිය 05 දා රත්මලාන Stein ස්ටූඩියෝ හීදි එම ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරිණි.

2024 මාර්තු මාසයෙන් ඇරඹී පුරා මාස 6ක් පුරාවට තරගවට 6ක් පුරාවට දිගහැරුණු මෙම වැඩසටහනේ අවසාන මහා තරඟ අගෝස්තු මස 24 වනදා රත්මලාන Stein ස්ටූඩියෝ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ සඳහා තරඟකරුවන් 6ක් තේරී පත්වී සිටි අතර ඉන් ජයග්‍රහණය කරන ලද්දේ නුවර ප්‍රදේශයේ ප්‍රණවි නම් තරුණියකි.

නුවර ප්‍රදේශයේ අට්චයා, මාතලේ S.T. මයූරන්, මඩකලපුවෙන්  P. සිට්සබේසන්, යාපනෙන් ආකාශ් මදන්, පුත්තලමෙන් ගව්සිකරන් යන අය සෙසු තරගකරුවන් විය.

ජයග්‍රාහකයාට මිලියන 02කට අධික මුදල් ත්‍යාගයක් හිමිවූ අතර අවසාන මහා තරඟයේදී තරඟකරුවන් 06 දෙනාම තමන්ගේම ගීත 06ක් ගායනා කරන ලදී.

වසර 25 කටත් වැඩි කාලයක් තුළ, ශක්ති නාළිකාව, ශ්‍රී ලංකා දෙමළ සංගීත කලාවට විශාල දායකත්වයක් ලබාදී තිබේ. ශක්ති සුපර්ස්ටාර්,ශක්ති  ජූනියර් සුපර්ස්ටාර් , ඉසෙයි ඉලවරසර්කල්,  ග්ලෝබල් ස්ටාර්, ශක්ති සුපර්ස්ටාර් ප්‍රිමියර් ලීග් සහ ඉසෙයි මහා යුත්තම් යන වැඩසටහන් තුළින් මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂ ගායක ගායිකාවන් රාශියක් හඳුන්වාදුන් ශක්ති ටීවී නාළිකාවේ මීලග රියැලිටි පෙරළිය වූයේ  ශක්ති Crown වැඩසටහනයි.