වසර 32 පසුව මම නම් ටිකක් වයසට ගිහින් තමයි, ඒත් ඒ සාරිය ඒ විදියමයි
ලංකාවේ ගීත ක්ෂේත්රයේ ප්‍රේමණීය ගී ගයන යුවල අතර එඩ්වඩ් - චරිතා යුවල තමවත් ජනප්‍රිය බව අවිවාදිතයි. ප්‍රවීන සංගීතවේදියෙක් වෙන එඩ්වඩ් ජයකොඩි සහ ප්‍රවීන ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනී පීරිස් මෙරට ගීත කලාවට දායාද කර ඇති ගීතවල වටිනාකම සුළුපටු නොවේ.
ඔවුන් දෙපළගෙන් චරිතා සමාජ ජාලාවල යාවත්කාලීන වෙන කලාකාරිනියක්. ඇය ඊයේ ඇගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණේ අරපිරිමැස්ම ගැන පාඩමක්. ඒ වසර 32කට පෙර ඇය ඇන්ද සාරියක් ඉය වසර 32ක් මත්තෙන් එනම් මෑතකදී නැවත ඇන්ද බව ඇය සඳහන් කරලා තිබුනා. මේ අරපිරිමැස්මේ පාඩම ඇය අපූරු සටහනක් සමඟ ඡායාරූප සමඟ සඳහන් කරලා තිබුණේ මෙසේයි.
"අරපිරිමැස්මක අරුමය. 1990 මගේ මුල්ම ගීත කැසට් කවරය සඳහා සැරසුණු සාරිය එක් ඡායාරූපයක. එම සාරියෙන් ම හැඩවී 2022 සැප්තැම්බර් මාසයේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වූ අයුරු අනික් ඡායාරූපයේ. වසර 32 පසුව මම නම් ටිකක් වයසට ගිහින් තමයි. ඒත් ඒ සාරිය ඒ විදියමයි. මමත් ඒ චරිතාම තමයි."