විවාහ වෙලා අවුරුදු 4කට පස්සෙ තමයි දුව ලැබුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයින්ට සමීප වුණු උදාරි වර්ණකුලසූරිය පුංචි තිරයත් රිදී තිරයත් එක සේ ජයගත්ත කෙනෙක්. වෛද්‍යවරයෙකු සමඟ විවාහ වෙලා ඉන්න උදාරිට දැන් පුංචි දුවණියකුත් ඉන්නවා. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක් වූ උදාරි ඇගේ ජිවිතේ ගොඩක් දෙනෙක් නොදන්න දේ මේ විදිහට හෙළි කළා.

දුවත් එක්ක ජීවිතේ වෙනස් වුණ හැටි.

විවාහ වෙලා අවුරුදු 4කට පස්සෙ තමයි දුව ලැබුණේ. ඒක ආශිර්වාදයක්.. මොකද අපි මුලින් දරුවෙක් හදන්න උත්සාහ කළා, හමබුණේ නෑ දරුවෙක්.. ඒ වුණාට අපි හිතුවා... ලැබිය යුතු කාලේ දී ලැබෙයි කියලා. ප්‍රෙග්නට් කාලේදී නම් නොඉවසිල්ලෙන් හිටියේ එයාව දකින්න හිටියේ.

දුවෙක් ඉද්දි කොහොමද වගකීම.

වගකීම ගොඩක් වැඩියි අම්මා කෙනෙක් විදිහට. ඒ බර හැමෝටම තියෙනවා. දුව පුතා කියලා දෙකක් නෑ. තේරෙන වයස වෙනකන් හරි මාර්ගයට දානකන් ඉන්න වුවමනයි. අම්මා කෙනෙක් හැටියට මම සතුටුයි. එයා මොනිටර් ඉන්නවා, පළවැනියා වෙනවා. ඉතින් මම සතුටුයි මගේ දුව ගැන..

හිතේ තියනවද දුව ලොකු වෙලා අම්මවයි තාත්තාවයි බලාගනිවී කියලා..?

අවංකවම මට එයාගෙන් යැපෙන්න වුවමනාවක් නෑ‍.

ජැක්සන් ඇන්තනී කියන්නෙ..?

ඔහු තමයි මගේ රංගන ජීවිතේ පියා. මට රඟපාන්න කියලා දෙන්නෙ, මට වටිනාකමක් දෙන්නෙ ඔහු. සිනමාව ගත්තොත් සිනමාවෙන් හරි අඩක් කිව්වොත් හරි. ඒ දැනුමට සම කරන්න කෙනෙක් නෑ. මට කියන්න දෙයක් නෑ, දුකයි. ඔහුට ඉක්මණට හොඳ වෙනකන් තමයි බලන් ඉන්නෙ. ඔහු අන්තිමට රඟපෑවේ මා එක්ක. ඔහු අන්තිමට අධ්‍යක්ෂණය කළෙත් මාව. අනේ මම බලාගෙන ඉන්නෙ ඉක්මනට එයා එනකන්..

පේෂල් ?

ජීවිතේ කවදාවත් එක පේෂල් එකක්වත් කරලා නෑ. මම විශ්වාස කරන්නෙ සොබාවදර්මයෙන් ලැබිච්ච දේ තමයි ලස්සනම දේ. අස්භාවික දෙයක් ගන්නවා කියන්නෙ විරූපී වීමක් තමයි. කලර් චේන්ජ් නම් කරනවා.. ෂූටිං වලදී චරිතයකට පාට මාරු කරන්න වුණොත් ඇරෙන්න කරන් නෑ. විලාසිතා ගත්තම මට ගැළපෙන ඒවා විතරයි. මම බහුතරයක් දැකලා තියෙනවා අපේ අයට පැෂන් එකක් තෝරගන්න දන් නෑ. සුදුසු තැන සුදුසු ඇඳුම පාවිච්චි කරන්න දන් නෑ. මම විලාසිතා වලදී එන එන ට්‍රෙන්ඩ් එක ගන් නෑ. එකක් මම මවක් බිරිඳක්. මුලු රටක් ලෝකයක් දන්න චරිතයක්. ටීවී එකේ අපි ඇඳන් ඉන්න ඇඳුමක් දැකලා අපිව කොපි කරන්න කෙනෙක් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආදර්ශමත් වෙන්න වුවමනයි කියන තැන මම ඉන්නවා. ෆිල්ම් එකක වුණත් මම ඇඳුම ගැන හිතනවා.