විවිධ කේෂ්ත්‍රයන් ඔස්සේ මම මගේ ගමන හදාගෙන තියෙනවා
එෆ් එම් නාළිකා කිහිපයකම නිවේදිකයෙක් ලෙස කටයුතු කළ ශනිල්ක මුණසිංහ මේ වනවිට ගී පද රචනයටද යෙමුව සිටියි. මෑතකදී ඔහුගේ ගී පද නිර්මාණ බොහෝමයක් නිකුත් වීමට නියමිතව ඇති අතර, ඒ පිළිබඳව ඔහු ‘සාරවිට’ අප සමග මෙසේ කතා බහ කළා.
නිවේදකයෙක් වුණ ඔබ ගි පදරචනයට යොමු වුණේ ඇයි?
නෑ ඒක අහම්බයක්. මට එක එක අදහස් තිබුණා මේ මේ විදියට දේවල් ලියන්න ඕන කියලා හැබැයි ගී පද ක්ෂේත්රයට එනවා කියලා හැඟීමක් තිබුණේ නෑ. මම ඉතින් බයික් එකෙ එහේ මෙහේ යන ගමන් මගේ හිතට එන දේවල් මම සටහන් කරගන්නවා ඒවා තමයි පස්සේ කාලෙක ගීත විදියට පත්වෙලා තියෙන්නේ අනික මම නිවේදකයෙක් විදියට ගොඩක්ම කටයුතු කරන්නේ ගීත එක්ක. ඒකත් යම් බලපෑමක වෙන්න ඇති ගීත ලියන්න.
දැනට ඔබ ගීත කොපමණ ප්‍රමාණයක් පද රචනා කරලා තියෙනවද?
ගී පද බොහෝ ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. රටේ පවතින තත්වයත් එක්ක සමහර ගීත ප්‍රචාරය කරගන්න අපට අවස්ථාව ලැබුණේ නෑ. විශාරද හර්ෂණ දිසානායක අයියා ගායනා කරන, විශාරද අමිත් ජී ආරච්චි සංගීතවත් කල "මටත් හිටියා ප්‍රේමියක්" ගීතය ගොඩ දෙනෙක් අතරේ ජනප්‍රිය වුණා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
"හුඟක් මතක තිබුණා අපිට" කියලා මම ලිව්ව අලුත්ම ගීතයක් ලඟදීම අහන්න පුළුවන් වෙයි. ඒ ගීතය ගායනා කරන්නේ මලීෂා වාද්දූවගේ නංගි. සංගීතය විශාරද අමිත් ජී ආරච්චිගේ. ඒ වගේම "ප්‍රේමය මැරි මැරී ඉපදුනා" ගීතයත් ළඟදීම අහන්න පුලුවන් වෙයි.
වඩා කැමති නිවේදන වෘත්තියටද නැත්නම් ගී පද රචකයෙක් විදිහට වැඩ කරන්නද?
මම ගොඩක්ම කැමති සහ වෘත්තියක් විදියට කරන්නේ මාධ්‍යවේදියෙක් විදියට වැඩ කරන එක ගී පද රචනා කරන්නත් කැමතියි ඉතින් ඒ දෙකම සමබරව කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඔබට පිහිටලා තියෙන හැකියාවන් ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි ගොඩක්. විවිධ කේෂ්ත්‍රයන් ඔස්සේ මම මගේ ගමන හදාගෙන තියෙනවා කියලා දැනෙද්දී පොඩි නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම මම තාමත් හොයනවා තව මට පුළුවන් දේවල් මොනවද කියලා.
පවුලේ ඔබ පමණද මේ වෘත්තින්වලට යොමුවෙලා තියෙන්නේ?
මම එහෙම කළා පවුලකින් පැවතගෙන එන කෙනෙක් නෙවෙයි. ඇත්තටම කලාවට සම්බන්ධ කවුරුත් නැති තරම්. තාත්තට ගීත ගායනා කරන්න එහෙම හැකියාවක් තිබිලා තියෙනවා. නමුත්, ඒවට කාලයත් එක්ක අවස්ථා නැතිවෙලා තියෙනවා
බුද්ධික සේනාධීර