වැලෙන්ටයින් එකට කියලා මුලින්ම මට ගිෆ්ට් එකක් විදිහට ලැබුණේ චොකලට් එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවුරුත් ආදරය කරන ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියක් තමයි සචින්තනි කෞශල්‍යා කියන්නේ. ඇයද මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දකිනවා. ආදරණිය දිනයේදී ඇයට ලැබුණ මුල්ම තෑග්ග ගැන අපට කිව්වේ මෙහෙමයි.

වැලෙන්ටයින් එකට කියලා මුලින්ම මට ගිෆ්ට් එකක් විදිහට ලැබුණේ චොකලට් එකක්. ඒක මට ලැබුණේ මම පාසල් යන කාලේ. මගේ මතකය හැටියට නම් 2015 අවුරුද්දේ. එතකොට මම 12 වැනි වසරේ ඉගෙන ගන්නවා. පාසල් යන කාලේ ඉතින් ගොඩක් වැලෙන්ටයින් ගිෆ්ට් හම්බ වුණා. හැබැයි යාළුවන්ට දෙන්න කියලා මට දුන්න. සමහර ඒවා ඇත්තටම මටම දුන්න ඒවා තමා. පාසල් කාලයෙන් පස්සේ නම් අදටත් මට වැලෙන්ටයින් ගිෆ්ට් එකක් ලැබිලා නැහැ.