විනෝද වෙන්න ඇල්ලේ ගිහින් සුරූපී නිළි විනූ සිරිවර්ධන සැමියා එක්ක කෝච්චියේ පාපුවරුවේ යන ගමන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනූ සිරිවර්ධනව ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. විනූ 2020 වසරේදී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ විවාහා වුණා. විවාහයෙන් පසුව විනූ රංගන ක්ෂේත්‍රයේ නම් ඒ තරම් දැකගන්න ලැබෙන්නේ නැහැ.

විනූ තමන්ගේ සහ සැමියාගේ ඡායාරූප නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එකතු කරනවා. විනූ මේ දවස්වල ඇගේ සැමියා කසුන් සමඟ ඇල්ලේ විනෝද චාරිකාවක් ගිහින් ඉන්නේ. ඇය නිරන්තරයෙන් ඒ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා.

විනූ සැමියා එක්ක කෝච්චියෙ යන වීඩියෝ පටයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණා. මේ යුවල හරිම සතුටින් කාලය ගත කරන බව ඒ වීඩියෝ පටයෙන් පෙනෙනවා. හැබැයි ඔවුන් යන්නේ කෝච්චියෙ පාපුවරුවේ. ඒක නම් අවදානම් කියලා කිවයුතුමයි.