විදුහල්පතිගේ මේසය උඩ පත්තරේ - අංජලී ද ලියනගේ
මේ වෙද්දි අංජලී නිළියක් වුණත් අංජලී කලා ක්ෂේත්රයට අවතීර්ණ වුණේ පුවත්පතක මුල් කවරය නිරෑපණය කරලයි. ඇය කියන විදිහට ඇගේ මුල් කවරය යොවුන් පුවත්පතක පළවෙද්දි ඇය පාසල් ශිෂ්‍යාවක්. තමන්ගේ රෑපය තියෙන පින්තූරයක් මුල් කවරයේ තියෙද්දි ඒකත් මාර සතුටක්නෙ. ඉතින් ඔන්න ඒ 'සප්‍රයිස්' එක තමන්ගේ යාළුවන් එක්ක පාසලේ පන්ති කාමරයේ විඳිමින් ඉන්න අතරතුර අංජලීට පාසල් විදුහල්පතිනියගෙන් කැඳවීමක් ලැබුණලු.
''මම ඉගෙන ගත්තෙ ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ. මගේ මුල්ම ප්රවෘත්ති කවරය පළවෙද්දි මම දොළහ වසර ඉගෙන ගනිමිනුයි හිටියෙ. ඒක ජනප්‍රිය යොවුන් පුවත්පතක්. ඉතින් දවසක් මම උසස් පෙළ පන්තියේ ඉඳිද්දි මට විදුහල්පතිනිය කතා කළා කියලා පණිවිඩයක් ලැබුණා. සාමාන්‍යයෙන් මම එහෙම දඟ චරිතයක් නෙමෙයි. ඒ නිසා මම විදුහල්පති කාර්යාලයට ඊට පෙර කැඳවපු ළමයෙක් නෙමෙයි. ඒ නිසා බයෙන් කාර්යාලයට යද්දි මැඩම්ගේ මේසේ උඩ මගේ පත්තර කවරය තිබුණා. මට ඔක්කොම තේරුණා. ඒ ගැන මගෙන් අහද්දි මැඩම්ට බය වුණු පාර ''ඒ මම නෙමෙයි'' කියලයි මම කිව්වෙ. හැබැයි මම බොරු කියනවා කියලා මැඩම් දැනගත්තා. ඊට පස්සෙ ''පාසලෙන් අයින් වෙනකම් පත්තර කවරවලට යන්නෙ නැහැ'' කියලා මම පොරොන්දු වුණා. එදා මම ගොඩක් ඇඬුවා. මම අඬාගෙන නැටුම් පන්තියට දිව්වා. ඉස්සර මම මගේ නැටුම් ගුරුවරිය වුණු සන්ධ්‍යා පොඩි නිලමේ ගුරු මෑණියන්ට හරිම ළෙන්ගතුයි. එදා මගේ හිත හැදුවේ ඇයයි.''
සමනළයෙක්ගේ කේක් එකක්
අංජලී කියන විදිහට ඇය දැන් නම් උපන් දිනය මහ ඉහළින් සමරන්නෙ නැතිලු. හැබැයි චූටි කාලෙදි ඇගේ සීයා හැම අවුරුද්දෙම ඇයගේ උපන් දිනයට ලොකු කේක් එකක් කපලා ඡායාරෑප ටිකකුත් ගන්නවලු.
''මට තාම මතකයි මම දෙක වසර පන්තියෙදි මගේ උපන් දිනය දවසේ අපේ අම්මලා මට ලොකු සමනළයෙක්ගෙ කේක් එකක් හදලා පන්තියට ගෙනාවා. අම්මෝ.. එදා මම පුදුම විදිහට සතුටු වුණා. කේක් විතරක් නෙමෙයි. පන්තියේ හැම ළමයෙක්ටම කෑම ගෙනාවා. මට ලස්සන ගවුමක් පන්තියේදිම අන්ඳවලා අපේ ඡායාරෑප ගත්තා. ඒක මට චූටි කාලෙදි ලැබුණු 'සප්‍රයිස්' එකක්. පන්තියේ වාඩිවෙලා ඉඳිද්දි එක පාරටම ගෙදර හැමෝම ඉස්කෝලෙට ඇවිත් ඒ 'සප්‍රයිස්' පාටිය දුන්නා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ඒ වගේම ගිය අවුරුද්දෙ උපන් දිනයට මගේ සැමියා මට 'සප්‍රයිස්' එකක් දුන්නා. මම ඇවිදින්න හරි ආසයි. ඉතින් මට කියන්නෙ නැතිව එයා ගාල්ලේ පැත්තෙ තියෙන ලස්සන හෝටලයක් ඇණවුම් කරලා මාව එතනට එක්කගෙන ගියා. ඒකත් මට අමතක නොවන උපන් දින තෑග්ගක්.''
මුලින්ම දකිද්දි මාරයි
මේ වෙද්දි අංජලී නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තිබුණත් තමන් රඟපෑ මුල්ම චරිතය පුංචි තිරයෙන් දකිද්දි ඒක මාරයි. ඉතින් ඒ විදිහට මුලින්ම රඟපෑ නිර්මාණය රෑපවාහිනියෙන් දකිද්දි ඒක 'සප්‍රයිස්' එකක් වුණා කියලයි ඇය කියන්නෙ.
''ජීවිතේ මුලින්ම රඟපාපු නිර්මාණය මුලින්ම රෑපවාහිනියේ දකිද්දි ඒක ලොකු සතුටක්නෙ. මාලනී ෆොන්සේකා මහත්මිය එක්ක රඟපාපු කොටස තමයි මම මුලින්ම රෑපවාහිනියෙන් දැක්කෙ. ඒ වෙනකොට මම ඒ ගැන මගේ නෑදෑයන්ට, යහළුවන්ට ඇමතුම් දීලා කියලා ඉවරයි. නාට්‍ය විකාශය වෙලා මම රඟපාපු කොටස දකින්න මම දවස් ගාණක් බලාගෙන හිටියා. එතකොට අපිට මොබයිල් තිබුණෙ නැහැ. ඉතින් ගෙදර දුරකතනයෙන් කතා කරලා හැමෝටම කිව්වා. රෑපවාහිනිය ළඟින්ම පුටුවක් තියාගෙන මම ඒ කොටස බැලුවා. දැන් වගේ ඒ කාලේ රෑපවාහිනියෙන් ආපස්සට බලන්න බැහැනෙ. ඉතින් ඇහිපිල්ලමක් නොගහා හරිම ආසාවෙන් මම බලාගෙන හිටියා. මම මේ ක්ෂේත්රයට එනවට මගේ තාත්තා කැමති වුණේ නැහැ. ඒ නිසා තාත්තා බලයි කියලා හරිම බයෙන් හිටියෙ. තාත්තා බලන්න ඇති. ඒක පෙන්නලා ඉවර වුණාට පස්සෙ මම ගිහින් වාඩි වුණේ දුරකථනය ළඟයි. ගෙදර කෙනෙක්ට ඇමතුමක් ආවත් ඒ දවස්වල මම තමයි දුවලා ගිහින් දුරකථනයට කතා කරන්නෙ. ඒ තරමටම මම හිටියෙ හරිම ආසාවෙන්.''
සංසලා ජීවිතය අලුත් කළා
''මට ජීවිතේ ලොකුම රසික ප්‍රතිචාරය ලැබුණේ පොත් කවරයකටයි. වෙන අයට වැඩිපුරම රසික ප්‍රතිචාර ලැබෙන්නෙ චිත්‍රපටයකට, ටෙලිනාට්‍යයකට, වේදිකා නාට්‍යයකට, එහෙමත් නැත්නම් රෑප රචනාවකටනෙ. හැබැයි මට ලැබුණේ පොත් කවරයකටයි. මම තමයි සුජීව ප්‍රසන්නආරච්චිගේ 'බොඳ මීදුම්' පොත් කවරයේ හිටපු සංසලා. ඒ කාලේ බොඳ මීදුම් නවකතාවට රුල්ලක් හැදිලා තිබුණා. ඒ දවස්වල මම ගෙදර අය එක්ක නුවරඑළියේ විනෝද චාරිකාවක් ගිහින් හිටියා. ඒ යද්දි ගැහැනු ළමයි වගයක් ඇවිත් ''ඔයා නේද සංසලා'' කියලා මගෙන් ඇහුවා. ඒක මට මාරම 'සප්‍රයිස්' එකක්. ඒ අය මාත් එක්ක ඡායාරෑප ගත්තා. සමරු පොත් අත්සන් කර ගත්තා. ඒක මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීමක් වුණා.''
අමතක නොවන ගමන
''මගේ මුල්ම විදෙස් සංචාරය සිංගප්පූරුවයි. ඒ ගමනත් මාර 'සප්‍රයිස්' එකක්. ඒක හරි පිරිසිදු රටක්. බලන්න තැන් ගොඩක් තියෙනවා. ඒක මගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක්. ඒ රටේ මිනිස්සු හරිම නිදහසේ ලස්සනට ජීවත් වෙනවා. ආපහු යන්න හිතෙන රටක්. අපි 'යුනිවර්සල් ස්ටූඩියෝ' එකත් බැලුවා. චිත්‍රපටවල චරිතත් එක්ක හරි ලස්සන අත්දැකීමක් වුණා. ඒ ගමන මට 'සප්‍රයිස්' එකක්.''
දිශානි ජයමාලි