වැඩියෙන්ම මනාලියකට ඇනදපු ලංකාවේ එකම කෙනා මම
සකළ ගුරු ටෙලි නාට්‍යයේ පුෂ්පා ලෙස රඟපෑ දිල්හානි විරසිංහ ඔබ අප කවුරුත් ආදරය කරන ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. සකළ ගුරු ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දුටු දිල්හානි මෑත කාලයේ වඩාත් ජනප්‍රියව සිටින්නේ නිරූපන ශිල්පිණියක් ලෙසය. දැනට මනාලියක් ලෙස වැඩිම වාර ගණනක් හැඩ වූ නිරූපණ ශිල්පිණියද වන දිල්හානිට මෙවර සාරවිට තුළින් අප මෙසේ ඉඩක් වෙන් කළා.
මුලින්ම ඔබ මනාලියක් විදිහට හැඩ වුණ දවස මතකද..
මම මුලින්ම මනාලියක් විදිහට හැඩ වුණේ 2013 වසරේ මුල වගේ. එතකොට මට වයස අවුරුදු 23ක් විතර ඇති. මේ අවස්ථාව මට දුන්නේ අනුරාධපුර තඹර බ්‍රයිඩ්ල් සැලෝන් එකේ රුවන් චම්පික අයියා. ඔහු මාව හැඩ කළේ ඉන්දියානු මනාලියක් විදිහට. ඇත්තටම, ඒ වැඩේට සම්බන්ධ වුණේ මම හිතේ ආසාවට. කොටින්ම කියනවා නම් එතකොට මම නිරූපණය පැත්ත හිතලාවත් තිබුණේ නැහැ. පස්සේ මට ගොඩක් ආරාධනා ලැබුණා විවිධ නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න. ඒ එක්කම වගේ තමා නිරූපිකාවක් විදිහට මම වැඩ කරන්න පටන් ගත්තේ කිව්වොත් හරි.
මනාලියක් විදිහට දැන් ඔබ කොපමණ වතාවක් හැඩවෙලා තියෙනවාද..
ඇත්තටම, ප්‍රමාණය මෙච්චරයි කියන්න බැහැ මට. මම අනුමාන කරනවා මනාලියක් විදිහට මම දැනට 2500 වතාවක් විතර ඇන්දලා තියෙනවා කියලා. මම හිතන විදිහට ලංකාවේ නිරූපණ ශිල්පිණියක් එවැනි වාර ගණනක් මනාලියක් විදිහට හැඩ වෙලා නැතුව ඇති කියලා. 2013 ඉඳලා මගේ අධ්‍යාපන කටයුතුවලට වසරක් දෙකක් හැරෙන්න මේ වනතෙක් මම මනාලියක් විදිහට නිරූපණ කටයුතුවල නිරත වෙලා තියෙනවා.
නිරූපණ ශිල්පිණියක් විදිහට ඔබ මනාලියක් විදිහට තමයි වැඩිපුරම හැඩ වෙලා තියෙන්නේ..
ඔව්, මනාලියක් විදිහට තමයි වැඩිපුරම මම හැඩ වෙලා තියෙන්නේ. ක්ෂේත්රයේ ගොඩ දෙනෙක් මාව අඳුනගත්තෙත් %බ්‍රයිඩ්ල් මොඩල්^ කෙනෙක් විදිහට. අනිත් නිරූපණ කටයුතුත් මම කරනවා හැබැයි මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ මනාලියක් විදිහට හැඩ වෙලා කරන නිරූපණ වැඩ තමයි.
ඔබ වැඩිපුරම කැමති මොන ආකාරයේ මනාලියක් විදිහට පෙනී ඉන්නද..
මම දැනට උඩරට, පහතරට, දමිල, බටහිර ඔය හැම විදිහකටම මම මනාලියක් ලෙස හැඩ වෙලා තියෙනවා. වැඩිපුරම හැඩ වුණේ මට හිතන විදිහට දමිල හා උඩරට ක්‍රමයට. මම අඩුවෙන්ම මනාලියක් විදිහට ඇඳලා තියෙන්නේ පහතරට විදිහට. හැබැයි මම ගොඩක්ම කැමතියි උඩරට මනාලියක් විදිහට හැඩ වෙන්න.
ඇත්තටම ඔබ මනාලියක් විදිහට අපට දකින්න ලැබෙන්නේ කවදද එතකොට..
ඉදිරි කාලේදී ඇත්තටම මාව මනාලියක් විදිහට මගේ ආදරණිය රසික, රසිකාවියන්ට මාව දකින්න පුළුවන් වෙයි. දැනට ඒ සම්බන්ධව සැළසුම් කරමින් යනවා. හැබැයි තවම දිනයක් නැහැ මේ දිනට මම මනාලියක් වෙනවා කියලා. ඉතින් ඉතා ඉක්මණින් ඒ සුබ ආරංචිය මගේ ආදරණිය රසික, රසිකාවියන්ට කියනවා කියලා මම පොරොන්ඳු වෙනවා.
මනාලියක් විදිහට හැඩ වුණ අවස්ථා වලදී ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම් තියෙනවද..
ගොඩක් වෙලාවට වැඩේ කරන්න කලින් අපි සකාච්ඡා කරනවා නේ මේ විදිහට අඳින්නේ කියලා. හැබැයි ඉතින් ඒ වගේ සැළසුම් කරලා යන වැඩවලදී එතැනට ගියාට පස්සේ මට අඳින්න ලැබෙන්නේ වෙනත් මනාලියක් විදිහට. එහෙම අවස්ථා වලට නම් මම අනන්තවත් මුහුණ දීලා තියෙනවා. හැබැයි මුලින් සැළසුම් කරාට වඩා හොඳ ලස්සනට ඒ අය මාව හැඩ කරපු අවස්ථාත් ඒ අතර තිබුණා මගේ මතකයේ හැටියට.
බුද්ධික සේනාධීර