වැඩ කිහිපයක්ම සැළසුම් කරලා තියෙනවා මේ වසරේ
ජනප්රිය ගීත කිහිපයකම හිමිකරුවෙකු වන ජුඩ් රොගැන්ස් උදා වූ නව වසරේ අලුත් වැඩ කිහිපයකටම මුල පුරන්න සූදානමින් සිටියි. ඒ පිළිබදව අපිට මෙසේ තොරතුරු පැවසුවා.
පසුගිය වසර කිහිපයේදී රටේ තිබුණ තත්ත්වයත් එක්ක අපේ වැඩ කටයුතු ගොඩක් අඩාල වුණා. නමුත්, දැන් නැවතත් ටිකෙන් ටික අපේ සංගීත කටයුතු කරන්න පුළුවන් යම් වතාවරණයක් හැදිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනා ප්රසංග තියෙනවා දැන් ලංකවේ හැම තැනකට. කොවිඩ් වසංගත තත්ත්වය හා රටේ තිබුණ අර්බුධකාරි තත්ත්වයත් එක්ක පසුගිය කාලේ අපිට කරන්න වැඩක් තිබුණේ නැහැ. ගායකයා කියන කලාකරුවා අන්තිමට වැටිලා හිටියේ. ඒත්, අද ඒ තත්ත්වය ටිකෙන් ටික පහව යනවා. මේ උදා වූ වසරේදී වැඩ කිහිපයක්ම කරන්න සැළසුම් කරලා තියෙනවා. ඒ අතර ප්රසංග වේදිකාවට වැඩි තැනක් ලබා දෙන්නත් මම බලාපෙරෙත්තුවෙන් ඉන්නවා.