විකට නළු බන්දු ඉතාලියට යවනවාද නැද්ද ? අන්තිම තීරණය මෙන්න
ප්‍රවීණ විකට නළුවෙක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි පසුගියදා වාර්තා වුණා. පසුගිය දා බන්දු සමරසිංහ වෙත අදාළ කොන්සල් තනතුර ප්රදානය කර ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලාවල පවා තොරතුරු සංසරණය වූයේ. ප්‍රවීණ විකට නළුවෙක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි පසුගියදා (14) දිනයේ දී විදේශ කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඉතාලියේ මිලානෝ නුවර කොන්සල්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවයෙන් හිස් වූ කොන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇති බවයි වාර්තා වූයේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලා සංසදයෙන් මෙම තනතුර ලබාදීම සිදු කරන අතර, ඔවුන් විසින් මෙම තනතුර බන්දු සමරසිංහ වෙත යෝජනා කෙරුණා.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය තුළ මෙම තනතුර නිල වශයෙන් භාර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බන්දු සමරසිංහ නිශ්චිත වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැහැ. මේ අතර, අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, බන්දු ඉතාලියට තනිවම යාමට අකැමැත්ත පළ කර ඇති බවයි.
එසේම, ඔහුගේ පුත්‍රයා වන කාංචන සමරසිංහට ඔහු සමඟ ඉතාලියට යාමට සහ එම රටේ වෘත්තියක නියැලීමට අවස්ථාවක් හිමි කර දී ඇති බවත් වාර්තා වුණා. නමුත්, ආරංචි මාර්ග අනුව, කාංචන සමරසිංහගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව ද වාර්තා වුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කෙරුණු ප්‍රවීණ විකට නළු බන්දු සමරසිංහට අදාළ තනතුර ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සිය එකඟත්වය පළ කර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.