ලස්සන ඡායාරූප එකතුවකට, ගායක දිනේෂ් තරංග ලියපු සටහන මෙන්න
'මා ඔබට පෙම් කළේ' කියන එකම එක ගීතයෙන් කාගෙත් ආදරය දිනාගත්ත දිනේෂ් තරංග, ගායන ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පියෙක් විදිහට හඳුනා ගැනෙන කෙනෙක්. විශේෂයෙන්ම මුහුණු පොතේ වුණත්, බොහෝ දෙනෙක්ට ආදරණීය ප්‍රතිචාර ලබා දෙන නිසාම දිනේෂ්ට බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා.
මෙදා අලුත් අවුරුද්ද දිනේෂ් සිය බිරිඳ සමඟ සමරන අතරතුර ලස්සන ඡායාරූප පෙළකුත් මුහුණු පොතට එක් කර තිබුණා. මේ තියෙන්නේ දිනේෂ් ලියපු සටහන.
ජීවිතයේ "අභියෝග" "අමාරුකම්" කියන්නේ අපි දෙන්නටත්,අපේ දරුවන්ටත්, ඔයාටලටත් අලුත් දෙයක් නෙමෙයි...
අරගලයක් ඇති තැන හිස් අහස යටත් අපේ මිනිස්සු කිරි ඉතිරුවා... කිරිබත් කෑල්ලක් කෑවා... ඒ කියන්නේ අපි තාමත් ඉස්සර වගේම හුස්ම ගන්නවා අහිංසක බලාපොරොත්තු එක්ක, අපේ දේවල් වලට අතලොස්සක් දෙනා ගිනි තියලා දැම්මත්!
ඉතින් පතනවා... හදවතින්ම... ඒ "ආසාවල්" "බලාපොරොත්තු" "පැතුම්" ඉටුවන සුභදායි නව වසරක් ඔයාල හැමෝටම ලැබෙන්න කියලා...