ලස්සන ගැහැණු ඉන්නෙ සැලූන්වල නෙවෙයි - චන්දිමාල් මොනාද මේ කියන්නෙ හැබෑටම?
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නෙ කාලයෙන් කාලයට විවිධ සිදුවීම් නිසා බුකියේ කතාබහට ලක්වන චරිතයක්. පසුගිය සමයේ "මිස් වර්ල්ඩ්" කිරුළ නිසත්, "මිස් ශ්‍රී ලංකා" කිරුළ නිසාත් චන්දිමාල්ට බොහෝ සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවුණා. විශේෂයෙන් ම පුෂ්පිකා ට හිමි "මිස් ශ්‍රී ලංකා" සන්නාමය ද අහිමි කළේ චන්දිමාල් විසිනු යි. ඒ චන්දිමාල් ට සහ රෝසි සේනානායක ට පුෂ්පිකා ද සිල්වා විසින් සෘජුවම චෝදනා එල්ල කළ නිසයි. තමන්ගේ "මිස් වර්ල්ඩ්" කිරුළ අහිමි කරවන්නට ඔවුන් දෙදෙනා කුමන්ත්‍රණය කළ බවටයි ඇය චෝදනා කළේ. කෙසේ වෙතත්, චන්දිමාල් මේ චෝදනා බැහැර කළා.
චන්දිමාල් ගේ "රාජකීය උපන්දන සාදය" ද බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන දෙයක්. ක්ෂේත්‍රයේ චන්දිමාල්ගේ හොඳම මිතුරිය පියුමි හංසමාලි බව රහසක් නෙවෙයි. පසුගිය දවසක පියුමි විසින් චන්දිමාල්ට වටිනා කියන ජංගම දුරකතනයකුත් තෑගි කර තිබුණා. සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් සැරිසරන චන්දි, ඉන්ස්ටග්රෑම් එකේ දාපු 'ස්ටෝරි' එකක් අපිට අහම්බෙන් වගේ ඇහැ ගැටුණා.