ලංකාවේ ළාබාලතම “මේක්අප් ආටිස්ට්” මෙනුගි, ඇගේ 10 වැනි උපන්දිනය සැමරුමේ මෙහෙමයි
රූපලාවණ්‍ය නැතිනම් හැඩවැඩ කිරීමේ කලාවෙහි බොහෝවිටම නිරත වන්නේ තරුණ වයසේ නැතිනම් වැඩිහිටි වයසේ අය. නමුත් වැඩිහිටි ශිල්පීන් ශිල්පිනියන් තරම්ම හරි අපූරුවට හැඩගැන්වීමේ කලාව කරන අවුරුදු 10ක් වයසැති හරි අපූරු රූපලාවණ්‍ය ශිල්පිනියක් මේ පුංචි රටේ අපටත් ඉන්නවා. ඇය මෙනුගි මනුල්යා.
මේ පුංචි දෝණි ගැන අපට අභිමානයෙන් යුතුව කතා කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය මේ වන විට ඔබට සමීප වී සිටිනු නොඅනුමාන යි. ඇය මේ හැඩවැඩ කිරීමේ කලාවට පෙම් බඳින්නේ අවුරුදු 2ක් තරම් හුරුබුහුටි වයසේ පටන් යැයි පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරාවී.
ඉතින් පසුගිය දවසක මෙනුගි ඇගේ 10වන උපන්දිනය සැමරුවා. එම සැමරුමේ ඡායාරූප කිහිපයකුත් ඇය මුහුණු පොතේ පළ කර තිබුණා. ඉතින් මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.