ලංකාවේ පළමු වතාවට නිරූපණ ශිල්පින් 120 ක් එක්ක කරන ලොකුම විලාසිතා දැක්ම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ පළමු වතාවට නිරූපණ ශිල්පින් 120 දෙනෙකු සම්බන්ධ කරගෙන පවත්වන ලබනු WALK with GLAMOUR විලාසිතා දැක්ම එළැඹෙන සැප්තැම්බර් 17 වැනිදා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි Monarch Imperial පැවැත්වීමට සූදානම් කර ඇත. 

මෙය සංවිධානය කරනු ලබන්නේ ෂැනොන් ඇන්ජලෝ විසිනි. එමෙන්ම නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් දිල්හානි දේදුණු හා සමීර වීරසිංහද අධ්‍යක්ෂක ෂැනොන් සමගින් WALK with GLAMOUR විලාසිතා දැක්ම සාර්ථක කර ගැනීමට අත්වැල් බැඳගෙන සිටියි. විශේෂංග රැසකින් සමන්විත් මෙම විලාසිතා දැක්ම සඳහා දිවයිනේ ප්‍රමුඛ වෙළෙඳ ආයතන රැසක් සිය සහයෝගය පළ කර තිබීම විශේෂත්වයකි. 

WALK with GLAMOUR විලාසිතා දැක්ම වෙනුවෙන් නිරූපණ ශිල්පින් තෝරා ගැනීමක් 2023 ජූනි 17 වැනි දින පෙ.ව. 9.00 සිට පස්වරු 1.30 දක්වා කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම මේ සඳහා පවත්වන මාධ්‍යය හමුවක් 2023 ජූනි 27 වැනි දින පෙ.ව. 10.30 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සැෆ්රන් ශාලාවේදී පැවැත්වෙයි.