ලෝක ප්‍රසිද්ධ ගීත අමුතු විදිහට ගයන ලංකාවේ කොල්ලා - සඳරු සත්සර Unstoppable ගීතය හරහා ජාත්‍යන්තරයට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සඳරු සත්සර කියන්නේ යූටියුබ් මාධ්‍ය හරහා ජනප්‍රිය වුණු තරුණයෙක්. ඔහුගේ විශේෂතාව වන්නේ ඔහු ලෝක ප්‍රසිද්ධ ගීත දකුණු ඉන්දියානු ආභාෂය සහිතව ගායනා කිරීමයි. සමාජ මාධ්‍ය පුරා ඔහු තාලය වෙනස්  කර ගයන මේ ගීත ජනප්‍රිය වුණා.

ඒ අතරින් හැමෝම අතර ජනප්‍රිය වුණු ගීතයක් වන්නේ ඕස්ට්‍රේලියානු ගායිකාවක් වෙන Sia ගායනා කරන unstoppable ගීතයයි.

ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන Sia මේ ගීතයට සඳරු නිර්මාණය කළ Cover ගීතය මිලියන 4.6ක් සහිත තමන්ගේ නිල ටික්ටොක් ගිණුමේ පළ කරනවා. මේ වෙද්දි ලක්ෂ 70කට ආසන්න පිරිසක් ඒ වීඩ්‍යෝ පටය නරඹා තියෙනවා. මිලියනකට ආසන්න පිරිසක් එම වීඩියෝ පටයට ලයික් කරලා තියෙනවා.

සඳරුගේ මේ ගීත ශලියට සමහරු දෝසාරෝපනය කළ අතර සමහරු එහි වෙනස අගය කළා. කොහොම වුණත් දැන් ඔහු ජාත්‍යන්තරයට ගිහින් අවසන්.