ලෝක කාන්තා දිනයදා පියුමි බොතේජු ගැහැනු ගැන කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් හැටියට පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්.  ලෝක කාන්තා දිනය යෙදී තියෙන අද පියුමි කාන්තාව ගැන අපූරු සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

මේ තියෙන්නේ ඒ සටහන.

"අද කාන්තා දිනය......
365 දවසෙම මහන්සිවෙන දිරිය ලදුන්ගේ එක දවස.......
මුලු ජිවිතේම පවුල වෙනුවෙන් කැපවෙන අම්මටයි තාත්තටයිත් තියෙනවනේ දවසක්.......
හැම දවසකම ආදරණිය ගැහැණිය අගය කරන්න පුලුවන් නන් මොකටද එක දවසක්.......
ගැහැණිය හැමදේම දරාගන්නවා මහ පොලව වගේ.... ලෝකය එලිය කරන්නේ ගැහැණිය......
හැබැයි ගැහැනියගේ ප්‍රතිරූපය පලුදු කරන්නේම තවත් ගැහැණියක්..... ඇයගේ සාර්ථකත්වය දරාගන්න බැරි වුනහම හිතාගන්න බැරි දේවල් කියනවා... එක්කෝ රූපය ගැන නැත්තන් ප්‍රසිද්ධිය ගැන නැත්තන් දක්ශතාවය ගැන එහෙමත් නැත්තන් මොනාම හරි දෙයක් ගැන.....
ඇයි ඒ...... මොකටද අපි කාටවත් ඊරිසියා කරන්නේ හැම කෙනෙක්ටම ආවේනික ලස්සනක් තියෙනවා... තමන්ට අනන්‍යතාවක් තියෙනවා. .....
ඇයි අපි කවුරුත් වෙන්න උත්සාහ කරන්නේ අපිට පුලුවන් අපිම වෙන්න...
මේ ලෝකේ තවත් ලස්සන කරන්න පුලුවන් ලස්සන ගැහැනියකටම තමයි....."