රසිකයකු වුණ ගායකයකු චාමර ගැන කියපු කතාව
වීරසිංහ කියන්නේ කොයි කවුරුත් ආදරය කරන නිහතමානී අතිශය ජනප්රිය ගායකයෙක්. ඒ බව පසුගියදා පැවැත් වුණ ප්රසංගයක දී පවා දැක ගැනීමට හැකියාව ලැබුනා. මේ කියන්න යන්නේ චාමර ගැන සංගීත ක්ෂේත්රයේම ජනප්රිය ගායකයෙක් තැබූ සටහනක් ගැන. හු නමින් දිනේෂ් තරංග.දිනේෂ්, චාමර ගැන මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
"චාමර අයියා" මම මොනවා කියන්නද ඔයා ගැන. මෙහෙම කියන්නං. හදවතින්ම "ස්තූතියි" ඔයාට! මේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න හේතු ගොඩක් මේ වෙනකොට නෑ. අපේ උන්ට "ආදරේ" තේරෙන්න, දැනෙන්න වටපිටාවක් මේ සිස්ටම් එක ඇතුළෙ නෑ. හැබැයි ඔයා වගේ අය නිසා "අපි තාමත් සැනසෙනවා" අන්න ඒ හැගීම නිරතුරුවම අරන් එනවටයි "ස්තූතියි" කියන්නෙ! ආදරෙයි ඉතින් හිතන්නකෝ කලාකරුවන් පවා ආදරය කරන තරුවක් වෙන්න කාටද පුළුවන් කියලා.