රවීන් කනිෂ්ක සහ ශලනි තාරකාගෙ ප්‍රධාන රංගනයෙන් වෙබ් සීරීස් එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අන්තර්ජාලයේ ස්ට්‍රීමින් චිත්‍රපට නැරඹීමේ ක්‍රමය දැන් දැන් ජනප්‍රියයි. ජාත්‍යන්තරව එවැනි සේවා කිහිපයක් පැවතුණත් සිංහල ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන එවැනි සේවා ඇත්තේ ඉතා විරලවයි. මේ සඳහා CeyFLiX™ ඔබට අගනා සේවාවක් සපයයි.

CeyFLiX™ ශ්‍රී ලාංකිකයන්ට විනෝදාස්වාදය සපයන්නේ නව රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට, වාර්තා චිත්‍රපට, විකට, සම්භාව්‍ය නිර්මාණ සඳහා අසීමිත  ප්‍රවේශයක් ලබාදෙමිනි.

CeyFLiX™ ටැබ්ලට් සහ ස්මාර්ට්ෆෝන් ඇතුළුව ඔබේ රූපවාහිනියේ හෝ ප්‍රියතම උපාංගයේ සම්පූර්ණ HD සමඟ ඔබට අවශ්‍ය තරම් නැරඹිමට අවස්ථාව සලසනු ඇත. එසේම, ඕනෑම වේලාවක, ඕනෑම තැනක, ඕනෑම අන්තර්ජාල සම්බන්ධිත තිරයක සිට ඔබට දැන්වීම් හෝ බාධා නොමැතිව (තෝරාගත් පැකේජය මත රඳා පවතී) ඔබේ විවේකය විනෝදයෙන් පුරවයි.

 සිංහල උපසිරැසි, මුල් අන්තර්ගතය, දැරිය හැකි මිල, ප්‍රවේශ්‍යතාව වැනි ගුණාංග නිසා CeyFLiX™ ඉදිරියෙන්ම සිටී. Ceyflix Streaming Platform එක Web Site එකක් සහ මොබයිල් App එකක් වශයෙන් නිකුත් කෙරුනු අතර  එහි මෙවන විට ඔවුන් විසින්ම නිෂ්පාදානය කෙරූ නිර්මාණ තිබෙනවා. Kiss,Red Light,COM වැනි වෙබ් සීරීස් ඒ අතර වනවා.

COM වෙබ් කතාමාලාව අධ්‍යක්ෂණය කෙරූ ජෝ දිසානායක නැවත වරක් Ceyflix සමග WE නම් නව කතා මාලාවක් සඳහා අත්වැල් බැඳගෙන තිබේ. රවීන් කනිෂ්ක සහ ශලනි තාරකාගෙ ප්‍රධාන රංගනයෙන් නිර්මාණය වන WE නාට්‍ය මාලාවේ ෙ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුලු රංගන ශීල්පීන් ගණනාවක් දායකත්වය ලබාදී ඇත තිරපිටපත මහේල හෙට්ටිආරච්චි, කැමරාකරණය පුෂ්පිත නිර්මාල්, සංස්කරණය අකිල ශාමේන්ද්‍ර හා  සංගීත අධ්‍යක්ෂණය සලින්දු හෙට්ටිආරච්චි සිදු කර ඇත.

යූටියුබ් අවකාශය වෙත මුදා හැරෙ තිබෙන පූර්ව ප්‍රචාරක පටය පහතින්. දැන්ම Ceyflix  වෙත ගොස් පුංචි මුදලක් ගෙවා ලියාපදිංචි වී මෙම නිර්මාණය සහ එහි ඇති අනෙක් සියල්ල රසවිදින්න.