රයිනි චාරුකා සහ දර්ශන් තවරාජ් පෙම්වතුන් ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගුණතිලක පවුලේ දියණියන් දෙදෙනා ගැන මේ වෙද්දි සමාජයේ බොහෝ දෙනා කතා වෙනවා. මේ දිනවල වැඩියෙන්ම කතාවෙන්නේ රූකාන්ත ගුණතිලකහේ බාල දියණිය වින්ඩි ගුනතිලකය ගැනයි. ඒ පසුගියදා ඇගේ විවහා උත්සවය පැවැත්වුණු නිසාවෙන්. 

ඊට පෙර ඇගේ වැඩිමල් සොයුරිය වන රයිනි චාරුකා ගැන ගොඩක් අය කතා කරන්න ගත්තා. ඒ ඇය සැමියාගෙන් වෙන් වුණු බව මාධ්‍යයට පැවසීමත් සමඟයි.

කෙසේ වුවත් මේ දිනවල රයිනි හා දමිල රංගන ශිල්පියෙක් හා නිවේදකයෙක් වෙන දර්ශන් තවරාජ් ගැන කටකතා පැතිර යනවා. රයිනි හා දර්ශන් ප්‍රසිද්ධියේ උත්සව අවස්ථා සහ විශේෂ කලා කටයුතුවලදීත් නිතරම දකින්න ලැබෙන නිසා බොහෝදෙනාගේ මොවුන් දෙදෙනා පෙම්වතුන් බවට මත පළ කරනවා.

රයිනිගේ "කළුවරට හිත බය හින්දා" යන ගීතයේ රූප රචනාවේ රංගන ශිල්පියා ලෙස රයිනි හා රංගනයෙන් දායක වෙන්නේ දර්ශන්. මෑතකදී ඔවුන් දෙදෙනා ඩුබායිවල පැවැත්වුණු ප්‍රසංගයක් සඳහාද සහභාගි වුණා.

කොහොම වුණත් මොවුන් දෙදෙනාම පැමිණි මාධ්‍ය වැඩසටහනකදී රයිනි දර්ශන් ගැන කිව්වේ මෙවැනි අදහසක්.

"පළමු වෙනි ශූට් එක දවසේ ඉවරවෙලා සාමාන්‍යයෙන් මම අනිත් අයගෙන් අහනවා වගේ මම ඇහුවා ඔයා කොහොමද මං ගැන හිතන්නේ කියලා. ඒ වෙලාවේ මෙයා උත්තරයක් දුන්නේ නෑ. වෙනම මොකද්ද එකක් කියලා පස්සේ මම මැසේජ් එකක් දාන්නම් කිව්වා."