රේන්ජ් රෝවර් එකක් ගත්ත පියුමි හංසමාලි ලංකාවට ආයුබෝවන් කියලා යන්න ම යයි ?
පෙරේදා කාන්තා දිනය දා නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇගේ දෙවැනි වාහනය මිලදී ගත් බව කියමින් මුහුණු පොතේ පුවතක් පළ කර තිබුණා. කෙසේ වෙතත්, මෙම වාහනය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බව කියමින් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වුණා.
පියුමි ඊට පිළිතුරු දෙමින් කියා තිබුණේ, "ඇත්ත.. ගෝඨාභය සර් පැදපු එකක් තමයි. හැබැයි ගත්තෙ ලක්ෂ 800කට" යනුවෙනුයි. කෙසේ වෙතත්, පියුමි මේ වෙද්ද ලංකාවේ නෑ.
ඇය මේ හදිසියේ ම ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුණේ ප්‍රසංගයක් සඳහා සහභාගී වෙන්නයි. චන්දිමාල් ජයසිංහ සමඟ ඇය මෙසේ ප්‍රසංගයක් සඳහා විදෙස්ගතව ඇති අතර, එම ගමනේ සේයාරූද ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක් කර තිබුණා.