රටක්ම කම්පාවට පත් කළ, අටළුගම සිදුවීම ගැන ජනාදරී කියන වෙනස් ම කතාව
අටළුගම දැරිය ෆාතිමාගේ ඛේදනීය මරණය, මේ වන විට මුළු රටක් ම කම්පනයට පත් කර ඇති සිදුවීමක්. මේ සිදුවීම ගැන සොව පළ කරමින් කලා ක්ෂේත්‍රයේ නියත බොහෝ දෙනෙක් ද විවිධ සටහන් සහ සේයාරූ පළ කර තිබුණා. මේ අතර, මෙම සිදුවීම ගැන, සම්මානනීය සිනමා නිළි අනෝමා ජනාදරී ද ඇගේ මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා.
එම සටහන පහතින් බලන්න...
ලිංගික අධ්‍යාපනය හංගලා දෙන අධ්‍යාපනයෙන් පිරිමි සමාජයට තමුන්ගේ සංජානන ශක්තිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා ප්‍රමාණවත් අවබෝධයක් නොලැබෙන්නා සේම ග්‍රාමීය බද ජීවත්වන කුඩා ගැහැණු දරුවන් පිරිමින්ගේ ලිංගික අසහනයට ගොදුරු වෙනවා.
ඇයි අපි පසුගාමී ලිංගික අධ්‍යාපනය පාසැල් තුළ උගන්වන්න...? සමාජය හොඳ නිසා ද...? ඒක ද මේ කුඩා මල් කැකුළු බිලි ගනිමින් පිරිමි අපිට කියා පාන්නේ..??!!
මේ කුඩා මල් කැකුළු බිලිගන්නා හැම පිරිමියෙක්ම වැඩිහිටියෙක්...පාසල් අධ්‍යාපනය ලැබුවෙක්...එහෙනම් ඇයි මේ දේට සිත යොමුවෙන්නේ...අධ්‍යාපනයේ වැරැද්දක් තියෙනවා කියලා බලධාරීන්ට වැටහෙන්නේ නැති ද...?