රටක් ආදරය කරන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ පුංචි පුතාගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි
රටක් ආදරය කරන ගාල්ලෙන් ලෝකයම හොල්ලපු අපූරු දක්ෂ ගායන ශිල්පියෙක් තමයි චාමර වීරසිංහ කියලා කියන්නේ. ඒ වගේම අදටත් ප්‍රසංග වේදිකාවේ වගේම අපේ රටේ බොහෝ දෙනෙක් ඔහුව හදුන්වන්නේ හදවතේ ගායකයා ලෙසටයි. ඉතින් මේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දකුණේ පින් ඇති පින් බිමේ නිහතමානී ගායන ශිල්පියා ලාංකීය ජනතාව පමණක් නොවේ, විදෙස් රටවල පවා ඉන්න ලාංකීය ජනතාව පිස්සුවෙන් වගේ ආදරය කරන නිහතමානී ගායන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඒ නිසාමයි හදවතේ ගායකයා කියන විරුදාවලියෙන් ඔහුව හදුනන්නේ.
ඉතින් ඒ වගේම ඔහු ගායන කල සිතින් විතරක් පෙම් කරන්නම්, මතකයන් ඔබේ, ඔය සුසුම් පවන්, සමාවෙලා, තනමල්විල මල් පිපුණත්, සුදු සදුන් මලක, ඇත් කඳ වෙහෙර මළුවේ, උස්සන්ගොඩ, උඩවැඩියා මලක් වෙලා වැනි ගීත අදටත් වයස් බේදයකින් තොරව අපේ රටේ ඉතාම ජනප්‍රියයි.
ඉතින් මේ රටක් අදරය කරන හදවතේ ගායකයාගේ ආදරණීය පුතාගේ උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ආදරණීය ඡායාරූපයක් ද සමඟින් සටහනක් එකතු කරලා පවසලා තිබුනේ වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා මගේ පුතේ, අම්මයි තාත්තායි ගොඩක් ආදරෙයි, තෙරුවන් සරණයි මැණික කියලයි. ඉතින් ඒ වගේම චාමර වීරසිංහ ඔහුගේ ආදරණීය පුතාගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන කේක් එකක් එහෙම කපලා අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව පවත්වන්නත් අමතක කරලා තිබුනේ නැහැ.