රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා සමිත, නිළිය නිපුනි
49 වන රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස ඌරෝ අතට පෝක් නාට්‍යයේ රඟපෑ සමිත සුදීශ්වර සම්මානයට පාත්‍ර විය. දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය සම්මානය ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ රඟපෑ නිපුනි ශාරදා දිනාගැනීමට සමත් විය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස 'රත්මල් යහනක සැතපී' නාට්‍යයේ රඟපෑ දේශාන් සේනාරත්න සම්මාන දිනාගත් අතර හොඳම නිළිය ලෙස 'ෆ්ලේවර්ස්' නාට්‍යයේ රඟපෑ තෙරුණි ආශංසා සම්මාන දිනාගනු ලැබීය.
49 වන රාජ්‍ය නාට්‍ය උළෙල පසුගිය 27දා නෙළුම්පොලුණ රඟහලේදී පැවැත්විණි.