’’රඟහල’’ප්රසංගය ගැන කසුන් කල්හාර හදිස්සියේ ගත් තීරණයට හේතුව මෙන්න මේකයි
ලංකාවේ ජනප්රිය ගායක ගායිකාවන් සහභාගී වන "රඟහල" ප්රසංගයට ලංකාවේ ජනප්රියම ගායකයකු එක් නොවන බව ඔහු නිළ වශයෙන් සඳහන් කර තිබෙනවා. ඒ කසුන් කල්හාරයි.මීට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබෙන්නේ සංවිධායකවරුන් මීට පෙර එකඟ වූ පරිදි ප්රසංගය පැවැත්වීමට කටයුතු නොකිරීමයි.
මේ සම්බන්ධව කසුන් කල්හාර සිය ෆේස්බුක් ගිනුමේ සටහනක්ද තබමින් නොපැමිනෙන බව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා. "ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්රසංගය සම්බන්ධව.
මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්රසංගයෙ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා. හෘද සාක්ෂියට එකඟව මට මේ ප්රසංගයට දායකත්වය ලබාදෙන්න බැහැ. අපි මුලින් එකඟ වෙච්ච විදියට ප්රසංගය කරමු යැයි මං සංවිධායකවරුන්ට යෝජනා කළත්, ඔවුන් මගේ ඒ ඉල්ලීම නොසලකා හැරිය නිසා, ප්රසංගයෙන් ඉවත්වීමට මං තීරණය කළා.
මගේ ගායනය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් ටිකට් මිලදී ගත් රසිකයින්ව දැනුවත් කිරීම පිණිස මගේ ඒ තීරණය මේ විදියට ප්රසිද්ධියේ පළ කරනවා"