රගල බිම ගැන, කවින්ද්‍යා අධිකාරි හඬ අවදි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"අපි මේ සටන් කරන්නේ අපේ රටේ ලස්සන අනාගතයක් හදන්න මිස තවත් යුද පරිසරයක් නිර්මාණය කිරීමට නොවේ" "අරගලයෙන් පසු අපේ මව් රට රැකගන්නේ කොහොමද යන්න තව ටිකක් වැඩියෙන් කල්පනා කරන ලෙස මගේ ආදරණීය, අපේ රට තුළ හා අපේ රටින් පිට සිටින ලාංකික බුද්ධිමත් ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි.."

බොහෝ පිරිස් තම අදහස් හා අරගල බිමේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකරන කාලයක කවින්ද්‍යාත් තම අදහස මුහුණු පොතේ සටහන් කර තිබුණා.
 
පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

ඊයේ දවස ගැන පොඩි වචනයක් කියන්න හිතුනා...
 
පුදුමාකාර සතුටක් දැනුනේ ලංකාව කියන අපේ ලස්සන රටේ පුදුමාකාර මනුස්සකමක් ඇති සහ පුදුමාකාර දේවල් තියෙන මේ රටේ අනාගතය වෙනුවෙන් කිසිම ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් විදිහට දක්වන සහයෝගය සහ ආදරය පිලිබඳව. 
 
මම දන්න කාලෙ ඉඳන් මා කිසිම පක්ශයක් වෙනුවෙන් කතා කර නැත, වැඩසටහනක මගෙන් ඒ පිලිබඳව ප්‍රශ්න කල ද, මාගේ පිළිතුර වූයේ, "දේශපාලනය ගැන මම කතා කරන්න අකමැතී" කියන කාරණාවයි... 
 
ලංකාවට හොඳක් කරන්නේ යැයි කවු ද යන්න සිතා, හැමදාම ඒ ඒ අය කල දේ ඇගයුවා මිස කීසිම පක්ශයකට මගේ අදහස් සීමා කරේ නැත. එම නිසා මේ අයුරින් අදහසක් දක්වන්න කීසිසේත්ම මැලි වෙන්නේ නෑ...
 
අපි මේ සටන් කරන්නේ අපේ රටේ ලස්සන අනාගතයක් හදන්න මිස තවත් යුද පරිසරයක් නිර්මාණය කිරීමට නොවේ. 
 
ඊයේ දවසේ බොහෝ විරෝධකරුවන් බොහෝම හොඳ හා සාමකාමීව අරගලයක් කරන් යන අතරම තවත් විරෝධකරුවන් යුද පරිස්සරයක් නිර්මාණය කරන ලෙස ද තවත් සමහරු මෙය විනෝදජනක හමුවීමක් ලෙස සලකා හැසිරුන ආකාරය මම වගේම ඔබත් දකින්න ඇති.
 
මේ සටන කරගෙන යන්නේ අපි සියලු දෙනාගේම දැන් වෙනකොට මුහුණ දී ඇති ජීවන අරගලයට ඉදිරියට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න විසදුම් හෙවීමට මිස, අපේ ජනතාව අතරේ අර්බුදයක් නිර්මාණය කිරීමට නොව.
 
අපි හොඳින්ම දුටුවා ඊයේ දවසේදී විශේෂයෙන් අපි ජාතියක් විදිහට පුදුමාකාර දේශීය හැඟීමක් සහ කැක්කුමක් ඇති මිනිස්සු කියලා, මොකද මේ අපි හැදුන වැඩුන අපේ රට. ඒ වගේම අපි දුටුවා කිසිම ආගම් බේදයකින් තොරව බහුතරයක් බුද්ධිමත් ජනතාව හැසිරුන ආකාරය, ඒ සියලු දෙනාට හිස නමා ආචාර කරමි.
 
මේ අරගලය කරගෙන යන්න ඕනේ සාමකාමීව හා අනාගතය ගැන නිවැරදි දැක්මක් ඇතිව මිස කෙනෙක් ව තම දූරයෙන් ඉවත් කිරීම පමණක් අරමුණු කරගෙන යෑම නොවේ යන්න මගේ අදහසයි.
 
බහුතරයක් කියන විදිහට වත්මන් ජනාධිපති එලවීම යන්න මේ අරගලයට විසදුම ලෙස දකින්නේ. නමුත්, ඉන් පසු වෙන්න ඕනේ කුමක්දැයි යන්න බොහෝ දෙනාගේ හිත්වල අදහසක් බොහෝදුරට දකින්නට ලැබෙන්නේ නැත.
 
එම නිසා මේ අරගලයෙන් පසු අපේ මව් රට රැකගන්නේ කොහොමද යන්න තව ටිකක් වැඩියෙන් කල්පනා කරන ලෙස මගේ ආදරණීය, අපේ රට තුළ හා අපේ රටින් පිට සිටින ලාංකික බුද්ධිමත් ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි...
 
- කවින්ද්‍යා අධිකාරි -