රංගනයට යොමු වෙන එක තමයි දැන් මගේ ලොකුම ඉලක්කය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ දෙරණ අවුරුදු කුමරා වූ පුර්ණ චින්තන මෙවර අපි සාරවිට තරු කතාබහට සම්බන්ධ කරගත්තේමු. නිරූපණ ශිල්පියෙකු ලෙසද වර්තමානයේ කටයුතු කරන ඔහු ඉදිරියේදී රංගනයටද පිවිසිමේ සූදානමකින්ද පසුවෙයි.

පූර්ණ ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු කුමරා තරගයක් හරහා?

ඔව්, 2018 වසරේ තමයි මම හාපුරා කියලා අවුරුදු කුමරා තරගයකට ඉදිරිපත් වෙන්නේ. ඒ දෙරණ රූපවාහිනි නාළිකාව සංවිධානය කළ අවුරුදු කුමරා, කුමරිය තරගය හරහා. හැබැයි ඒ තරගයේදී මට ජයග්‍රහණයක් දිනාගන්න බැරිවුණා. අවසන් තරගකරුවන් 12 දෙනා අතරට විතරයි මට එන්න පුළුවන්කම ලැබුණේ.

එතකොට පුර්ණව මිනිස්සු අඳුනගත්තේ?

ඒ තරගයෙන් පස්සේ මට හිතුණා ආයෙත් අවුරුදු කුමරා තරගයකට ඉදිරිපත් වෙන්න. එහෙම හිතාගෙන තමයි 2019 ස්වාධින රූපවාහිනි නාළිකාව විසින් පැවැත්වූ අවුරුදු කුමරා, කුමරිය තරගයට ඉදිරිපත් වූණේ. එම තරගයේදී මම දෙවැනියා වූණා. නමුත්, මගේ අදහස තිබුණේ යළිත් වතාවක් දෙරණ අවුරුදු කුමරා, කුමරිය තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණයක් ගන්නා.

2022 වසරේදී ඔබේ ඒ අදහස ඉෂ්ට වෙනවා?

ඔව්, 2018 වසරේදී මම කිසිම සූදානමකින් තොරව තමයි දෙරණ අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වුණේ. එහිදි මට දැනුණදේ තමයි සූදානමකින් එවර ඉදිරිපත් වුණා නම් ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම ලබාගන්න තිබුණා කියලා. තරගය පැවැත්වීමට කළින් කල් ඇතිව මම එම තරගයට සූදානම් වුණා. මම මගේ ඇගේ හැඩය වෙනස් කරගත්තා කිලෝග්‍රෑම් 20ක් විතර බර අඩු කරගෙන. ඒ හරහා මට හොඳ ආකාර්ශණිය පෙනුමක් ලැබුණා. ඒ සුදානමත් එක්ක තරගයට ඉදිරිපත් වුණ නිසා මට දෙරණ අවුරුදු කුමරා තරගයේ දෙවැනිය වෙන්න ලැබුණා.

අවුරුදු කුමරා වෙලා වසරක් ගෙවුණා දැන් ප්‍රතිචාර කොහොමද?

තවමත් එදා වගේම තියෙනවා. මම මේ වනවිට නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් පිරිසක් මාව දැන් අඳුනනවා කියලා හිතෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර එදා වගේම අදත් මට නොඅඩුව ලැබෙනවා.

අවුරුදු කුමරා වෙලා ඔබ නිරූපණයට යොමු වුණා. ඊළඟ පියවර මොන වගේද?

රඟපාන්න ආසයි. පසුගිය කාලයේ රඟපාන්න ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්, විවිධ හේතුමත ඒ අවස්ථා නැතිවුණා. අදටත් ගොඩක් දුක් වෙනවා ඒ අවස්ථා නොලැබීම ගැන. දැන් මගේ පූර්ණ අවධානය යොමුවෙලා තියෙන්නේ රඟපෑමට සම්බන්ධ වෙන එක.

අනාගතය කොහොම වෙයිද ඔබගේ?

නළුවෙක් විදිහට ලොකු ගමනක් යන්න සූදානමක් තියෙනවා. මොකද, රඟපාන්න මට ගොඩක් අවස්ථා ලැබුණා. ඒවා අත්හැරුණ එකේ කණගාටුව මට තියෙනවා. ඒ හින්දා මම දැන් මුලික අවධානය යොමු කරලා තියෙන්නේ රංගනයට සම්බන්ධ වෙන එක. ඒ අතරේ මගේම කියලා ව්‍යාපාරයකට යොමු වෙන්න අදහසකුත් තියෙනවා ඉදිරියට.

බුද්ධික සේනාධීර