යොහානි ඉන්නේ රාජපක්ෂලා වෙනුවෙන්, කරුණාකර ඇයගේ පණිවිඩයට රැවටිලා සල්ලි එවන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යොහානි ලංකාවෙ ඩොලර් අර්බුදය විසඳන්න සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා ඔබට මතක ඇති. ඇය For Sri Lanka කියලා අරමුදලක් මගිනුයි ඒ සත්කාරයට දායක වුණේ. ඇය වීඩියෝවක් කරමින් එම අරමුදලට ජාත්‍යන්තර රසිකයින්ගෙන් ආධාර ඉල්ලා සිටියා. මේ කොරීන් අල්මේදා එම වීඩියෝවට දක්වපු ආන්දෝලනාත්මක ප්‍රතිචාරයයි මේ.

 
"ජාත්‍යන්තර ප්‍රේක්ෂක ඔබ සැමට....මම ශ්‍රී ලංකාවේ ගායිකාවක්/කලාකරුවෙක්/සංගීත ශිල්පියෙක්මි.. යොහානි හඬා වැලපෙන මෙම පරිත්‍යාග ව්‍යාපාරයෙන් ඈත් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.. අපට ඇය වෙනුවෙන් බැගෑපත් වීමට අවශ්‍ය නැත. අපිට දැන් අවශ්‍ය මුදල් නෙවෙයි. ඔබ ප්‍රමාණවත් තරම් බුද්ධිමත් නම් සහ ඔබේ ලෝක ප්‍රවෘත්ති නිසි ලෙස නරඹන්නේ නම් මා අදහස් කරන්නේ කුමක්දැයි ඔබට වැටහෙනු ඇත. ජනාධිපතිතුමා ඇතුළු මේ මුළු ආණ්ඩුවම වහා එළවා දමන්නයි මුලු ලංකාවටම අවශ්‍ය.. තමන්ට මේ කීර්තිය සහ ජනප්‍රියත්වය ලබා දුන් ජනතාව සමග හිටගන්නවා වෙනුවට යොහානි ඉන්නේ රාජපක්ෂලා වෙනුවෙන්.. කරුණාකර ඇයගේ වීඩියෝ සහ පණිවිඩයට නොරැවටෙන්න...
 
මම වරක් ඇය ගැන ආඩම්බර වූ නමුත් තවත් නැත. යොහානි ඔයා ඔයාගේ මිනීවළ හෑරුවා විතරයි.. ඔයා මේ වීඩියෝ එකේ ඔයාව බලන්නේවත් නැහැ.. ඔයා හරිම මානසික පීඩනයකින් සහ ආතතියකින් ඉන්නේ.. කරුණාකරලා ලෝකෙට අඬලා මෙහෙම හිඟාකන එක නවත්තන්න.. ඉන්දියාවේ හිඟන්නන්ද ඉදිරිපත් වෙලා ලංකාවට උදව් කරන්න. මොනතරම් ලැජ්ජාවක්ද.. ක්‍රියාවෙන් ඉතා ශෝචනීයයි.. ඔබට තව බොහෝ දේ ඉගෙන ගැනීමට තිබේ තරුණිය.. ඔබට ඔබගේ රසික රසිකාවියන් සියල්ල අහිමි වී ඇත."