යුගදිවියට පිවිසි දෝණිට, අම්මාගෙන් ලැබුණු උපදෙස
සනුක - වින්ඩි ආදරණීය යුවළ ඔවුන්ගේ ජීවිතයේ නව ආරම්භයක් පසුගියදා සනිටුවහන් කළා. ඒ කාගෙත් ආශිර්වාදය සහ ආදරය මැද. ඔන්න ඉතින් එහෙම නව ගමනක් අරඹන ආදරණීය දෝණිට අම්මාගෙන්, චන්ද්‍රලේඛා පෙරේරාගෙන් උපදෙසක් ලැබිලා තිබුණා. සති අන්ත පුවත්පතක තමයි මේ සටහන ලියවිලා තිබුණේ.
සනුක ගැන කොහොමද හිතන්නේ ?
සනුක ගැන හරි සතුටුයි. මම දකින්නේ එයත් හරියට රූකාන්ත වගේ සංගීත දක්ෂතාවයෙන් පිරි කෙනෙක්. නිතරම වෙනස් යමක් කරන්න එයා හදන්නේ. කොපි කරන්නේ නැතුව එයාගේම යමක් කරන්න උත්සාහ කරන කෙනෙක්. වින්ඩිට කළ අයියෝ සාමි ගීතයත් එක්ක එයා ඒක ඔප්පු කරලා පෙන්නුවා. දෙයක් ලෝකෙට ගෙනියන්න උත්සාහ ගන්න දරුවෙක්.
ආදරණීය වින්ඩිට ඔබ දෙන උපදෙස මොකක්ද ?
අන්‍යෝන්‍ය අවබෝධයෙන්, ආදරයෙන් ගෞරවයෙන් ඉන්න කියලා තමයි කියන්නේ. එකිනෙකා ගැන හරියට තේරුම් අරගෙන ජීවත්වෙන්න.