මිහිඳුගේ ජීවිතය වෙනස් කළ දිනය
මිහිඳු ආරියරත්න කියන්නේ මේ වෙද්දි ලංකාවේ ඉන්න ජනප්‍රියම රොක් ගායකයෙක්. ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජීවිතය වෙනස් කළ දිනයක් තිබෙනවා. ඉතින් මිහිඳු තමන්ගේ ජීවිතය, තමන්ගේ ගමන වෙනස් කළ දිනය ගැන ෆේස්බුක් සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්...
"මාගේ ජීවිතය වෙනස් කළ දවසක්
මේක මම හුඟක් තැන් වල කියල තියෙන කතාවක්. අද ඊට අදාල පින්තූරය හමු වුණා.
මේ පින්තූරය සටහන් වුණේ මා කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන දවස්වල අපගේ සහෝදර පීඨයක් වන කළමනාකරණ පීඨය (Management Faculty) පැවෑත්වූ ප්‍රසංගයකදීය. එදා ජනප්‍රිය රංගනවේදී සහ අද මගේ සහෝදරයා, සුරාජ් මාපා එම වැඩසටහනේම තරගයක් විනිශ්චය කිරීමට පැමිණ සිටි නිසා මාගේ ගීත කිහිපය ඔහුද අසමින් නරඹමින් රස වින්දේය.
එදින ඔහු අඳුරගත් නිසා තමයි පසු කලෙක අපි සොහොයුරන් ලෙසින් සමීප වූයේ. ඔහු තමයි අද මට මගේ සමීප මිතුරු රාජ් තිලයියම්පලම් මුණගැස්වූයේ සහ එයින් පසුවයි මගේ සංගීත ගමනේ තීරණාත්මක ගීත දෙකක් වන Mrs Perera සහ යන තැනක ගීත දෙක නිර්මාණය වීමට මුල පිරුණේ.
මේ වෙලාවේ Suraj Mapa @surajmapa5 සහ Raj @rajthillaiyampalam ආදරයෙන් මතක් කරනවා.
Facebook memory එකක් විදිහට මේ පින්තූරය මතුවීම සහ පෙට්‍රල් පෝලිමේ පැය ගණනක් ගත කිරීමට සිදුවීම නිසා මේ සටහන ලියන්න ලැබීමත් එක්තරා සතුටක්.
මේ පින්තූරය සටහන් කරපු Ach Akalanka චායාරූප ශිල්පියාවත් ආදරයෙන් මතක් කරමි."