මාව රතු හැට්ටකාරියෙක් කරන්න එයා හීන දැක්කා, අද ඒ සතුට එයාට පුද කරන්න, මම හීන දකිනවා
උපාධියක් සම්පූර්ණ කිරීම කියන්නෙ හුදෙක් දරුවන්ගේ විතරක්ම හීනයක් නෙවෙයි. ඒ වෙනුවෙන් දෙමාපියන් ද අසීමිත ලෙස හීන දකිනවා.
මේ කතාව අපි කිව්වෙ පහුගිය දවසක ජනප්‍රිය තරුවක් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සමාජ මාධ්‍යයේ වැඩි දෙනෙක් අතර කතාබහට ලක්වීම නිසාවෙන්.
ඒ වෙනින් කවුරුත් නෙවෙයි ජනප්‍රිය රංගන ශිල්පිනි මාධවී වත්සලා ඇන්තනී.
ඇය එක්ක ඒ මොහොත බෙදාගන්න ආදරණීයන් හැමෝම ළඟ උන්නත් ඇගේ පියා වන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී ළඟ හිටියෙ නෑ. ඊට හේතුව ඔබ කවුරුත් හොඳින් දන්නවනෙ.
හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ඔහු තවමත් පසුවන්නේ රෝහල්ගතවයි.
ඉතින් මාධවී සිය ජීවිතයේ ලද මේ ජයග්‍රහණය ගැන ඈට සුබපැතුම් රැසක් ලැබී තිබුණා. ඒ අතර අභීගේ ආදරණීය සුබපැතුමක් ද අපිට දකින්න ලැබුණා.
"Congratulations Madhavi..තාත්ති සතුටු වෙයි " අභී එහෙම තැබූ සුබපැතුමට මාධවී ආදරණීයව, සංවේදීව මේ විදියට ප්‍රතිචාර දක්වා තිබුණා.
"Abhisheka Wimalaweera අනේ ඔව් අභී එයා දන්නව නම්!!!
මාව රතු හැට්ටකාරියෙක් කරන්න එයා හීන දැක්කා. අද ඒ සතුට එයාට පුද කරන්න මම හීන දකිනවා! "