’’මාව මෙතරම් සතුටු කළ ආදරයක්’’ - රයිනි උපන් දිනය සමරපු හැටි
රයිනි චාරුකා ගුණතිලක කියන්නෙ ලංකාවම දන්න කියන කලා පවුලක රටම දන්න කියන තවත් තරුවක්. මුළු රටම දන්න ගායන ශිල්පිනියක් විදිහට ඇය මේ වෙද්දි ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් වෙලා හමාරයි. ඉතින් රයිනිගේ උපන්දිනය පහුගිය අප්‍රේල් 10 වැනිදාට යෙදිලා තිබුණා.
උපන්දිනය වෙනුවෙන් ලද සුබපැතුම් සහ සැමරුම් අතරෙ ඇයට ලැබුණු සුවිශේෂී උපන්දින සැමරුමක් ගැන තොරතුරු ඊයේ ඇය සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කරලා තිබුණා.
මේ විදියට ඇය උපන්දිනය සමරලා තිබුණේ ඩුබායි හිදී.