මව් පදවිය ලැබුවා කියලා ඒ දේවල් කරන්න එපා කියන්න තරම් මොකද්ද ඒ තියෙන අයිතිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහට බොහෝම ජනප්‍රිය නර්මදා යාපා බුකියෙත් නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්. විලාසිතාවලදී වුණත් සීමාවක් මායිමක් නොතකන ඇය දරු පැටවුන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

මේ තියෙන්නෙ පසුගිය දවසක ඇය මුහුණු පොතට එක් කර තිබූ සටහනක්.

හැම අම්මා කෙනෙක්ම එකම විදියෙ කැපකිරීම් කරන්නෙ නෑ.
එහෙම කරන්න ඕනෙත් නෑ. ම්මා කියන්නෙ ගැහැණියක්. ගැහැණියක් කියන්නෙත් මනුස්සයෙක්. ඉතිං ඕනෙම මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ දි කරන්න ආස දේවල් තියෙනවා. මව් පදවිය ලැබුවා කියලා ඒ දේවල් කරන්න එපා කියන්න තරම් සමාජයට මොකද්ද ඒ කාන්තාවගේ ජීවිතේ ගැන තියෙන අයිතිය?

හැම මනුස්සයෙක්ම මැරෙන්න කලින් තමන් ආස දේවල් වලින් අඩක්වත් කරලා තියෙන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා. එහෙම පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දරුවෙක් නිසාවත් මනුස්සයෙකුට ඒ දේවල් නැති වෙන්න ඕනෙ නෑ. නැති කරගන්න ඕනෙත් නෑ.

ඉතිං, කවදම හරි දවසක ටයිට් ස්කර්ට් එකක් ඇඳලා, ලස්සන මේකප් එකක් දාලා, කොණ්ඩෙ පාට කරපු අම්මා කෙනෙක් දැක්කොත්, සතුටු වෙන්න. වැඩිපුර ඉඩ තියෙන්නෙ ඇය තමන්ගේ දරුවන්ට හොඳම දේ දීලා අතිරික්තයෙන් තමන්ගේ ජීවිතේ විඳින කාන්තාවක් වෙන්න.

මොකද, හැම අම්මා කෙනෙක්ම එකම විදියෙ කැපකිරීම් කරන්නෙ නෑ.