මල්ලිගේ ෂර්ට් එකක් ඇඳගත්ත සසන්ති ශෝක වුණු හැටි
සසන්ති ජයසේකර කියන්නෙ කාලයක් අපේ රටේ බොහෝම කතාබහට ලක්වුණු ගොඩක් දෙනාගේ ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක්. නමුත් පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් සිදුවීමක් නිසා ඇය රට හැර ගියා. කොහොම වුණත්, පසුගිය දවසක ඇගේ ආදරණීය මල්ලිගේ සමුගැනීම නිසා ඇය ඉමහත් වේදනාවෙන් තමයි කාලය ගෙව්වේ.
ඉතින් ඇය මල්ලි වෙනුවෙන් බොහෝ පින්කම්වලත් යෙදුණා. සසන්ති ඇගේ මල්ලිගේ ෂර්ට් එකක් ඇඳගත්ත ඡායාරූපයක් පසුගිය දවසක මුහුණු පොතේ පළ කරලා තිබුණේ, සංවේදී සටහනක් සමඟ යි.