මුලින්ම වැලෙන්ටයින් ගිෆ්ට් එකක් මට ලැබුණේ රතු රෝස මලකුයි ලස්සන ෆුට් බෝලයකුයි
ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ කාලයක සිට ක්‍රීඩා කරන ප්‍රවීනා පෙරේරා අද වෙන කොට රංගන ශිල්පිණීයක් ලෙසද කටයුතු කරමින් සිටියි. ඇයටද ආදරණිය දිනයේදි ලැබුණ මුල්ම තැග්ග හරි අපුරු එකක්.
මුලින්ම වැලෙන්ටයින් ගිෆ්ට් එකක් මට ලැබුණේ 2019 අවුරුද්දේ. රතු රෝස මලකුයි ලස්සන ෆුට් බෝලයකුයි. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැති ගිෆ්ට් එකක්. මොකද, ෆුට් බෝල් කියන්නේ මගේ ජීවිතේ. ඉතින් ඒ ජීවිතේට සම්බන්ධ ගිෆ්ට් එකක් ආදරණිය දිනයකදී ලැබෙනවා කියන්නේ ඒක හිතාගන්නම බැරි පුදුම කිරීමක්. හැබැයි ඉතින් ආදරය කියන්නේ දවසකට සීමා වුණ දෙයක් නෙවෙයි. ඒක මුළු ජීවිතේ පුරාවටම ලැබිය යුතු දෙයක් කියලා මම හිතන්නේ.