මුලින්ම රඟපෑවේ මම ’කම්බිලි’ චිත්‍රපටයේ
නළුවෙක් හා නිරූපණ ශිල්පියෙක් ලෙස වර්තමානයේ කටයුතු කරන අෂාන් හේවාවසම්ට මෙවර සාරවිට තුළින් අප ඉඩක් වෙන් කළා. නිමි ඇඳුම් ව්‍යාපාරිකයෙකු වන අෂාන් සංගීත ප්‍රසංග සංවිධායකවරයෙක් මෙන්ම කලාකරුවන් සම්බන්ධිකාරකවරයෙකු ලෙසද මේ වනවිට කටයුතු කරමින් සිටියි.
ඔබ කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ?
සංගීත ප්‍රසංග සංවිධායකවරයෙක් හා කලාකරුවන් සම්බන්ධිකාරකවරයෙක් විදිහට. මගේ මතකය හැටියට 2019 වසරේදී. නමුත්, වර්තමානයේ මම නිරූපණ ශිල්පියෙක් හා රංගන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා. හැබැයි මම අදටත් ප්‍රසංග සංවිධායකවරයෙක් විදිහට වැඩ කරනවා.
එතකොට නිරූපණයට හා රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ..
නිරූපණයට හා රංගනයට පිවිසිලා දැන් මම වසරක් විතර වෙනවා. කලාකරුවන්ගේ දැනහැදින ගැනීමත්, කලා ක්ෂේත්රය තුළ මා බොහෝ දෙනෙක් දන්නා හඳුනන නිසාත් තමයි මම නිරූපණයට හා රංගනයට සම්බන්ධ වෙන්නේ. හැබැයි මම හිතනයා රංගනය හා නිරූපණය දෙකම මට සහජයෙන් පිහිටලා තිබුණා කියලා.
මතකද ඔබේ පළමුවෙනි රංගනය..
නළුවෙක් වෙන්න අවස්ථාව පැදෙන්නේ අමිල කරුණානායක රංගන ශිල්පියා හරහා. අමිල අයියා කියන්නේ මාත් එක්ක කොළඹ නලාන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තු කෙනෙක්. අපි දෙන්නා බොහෝම හොඳ මිතුරෝ. ඔහු රංගනයෙන් දායක වුණ %කම්බිලි^ චිත්‍රපටයේ රූපගත කිරිම් බලන්න මම නිතරම ගියා. එහිදි තමයි එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසාද් කළුපහණ අයියාව මුණ ගැහෙන්නේ. ඔහුගේ ආරාධනයෙන් මම %කම්බිලි^ චිත්‍රපටයේ පොඩි චරිතයක් කළා.
%කම්බිලි^ චිත්‍රපටයෙන් පස්සේ..
එතැනදි මට මුණ ගැහෙනවා. දිල්රුක්ෂි විරපරාක්රම අක්කා හම්බ වෙනවා. ඊට පස්සේ එයාගේ කලා නිර්මාණ බොහෝමයකට මාව සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක මලින්ද රත්නායක අයියා හරහා හිරු නාලිකාවේ වැඩ ගොඩකට එකතු වෙන්න අවස්ථාව හදලා දෙනවා. ඒ වගේම ලසිත් සමරතුංග අයියවත් මතක් කරන්න ඕනා. ඔහුගේ නිර්මාණ කිහිපයකටත් මට දායක වෙන්න ඔය අතරතුර අවස්ථාව ලැබෙනවා.
කලා දිවියේ ඔබේ හැරවුම් ලක්ෂය වෙන්නේ..
හිරු ස්ටාර් සිවුවැනි අදියරයේ තරග කරපු රසික චන්දන මල්ලිගේ %හැඩකාරි^ ගීත රූප රචනාව හරහා කිව්වොත් හරි. ඒක අධ්‍යක්ෂණය කරපු ප්‍රසාද් හිරන්ත වගේම අසේල එදිරිසිංහ දෙදෙනාට මේ මොහොතේදී විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනා.
දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද..
හිරු ටෙලි චිත්‍රපට දෙකකට දායක වුණා. තව වෙළෙඳ දැන්විම් පහකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. හිරු නාලිකාවේ විකාශය වුණ %ඇගේ කතාව^ හා %33^ කොටස් පහකට දායක වුණා. ඒ වගේම % සිදාදියේ සමනලියෝ^, %ෆෝචුන් රෙසිඩන්සි^ හා %වැකේශන්^ කියන ටෙලි නාට්‍යයවලට හා %මොණර සන්නිය^ කියන චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාව මට ලැබුණා. ලැබුණ චරිත ගත්තොත් ගොඩක්ම කළු චරිත. කොහොමත් මම දුෂ්ඨයාට රඟපාන්න ආසයි. %හැඩකාරි^ ගීත රූප රචනාවෙන් පස්සේ තවත් ඒ වගේම ජනප්‍රිය ගීත දෙකක රූප රචනාවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ආපු ගමන ගැන ආපසු හැරිලා බැලුවොත්..
ගොඩක් සතුටුයි. කෙටි කාලයක් තුළ මිනිස්සු අඳුනන කෙනෙක් වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ ආපු ගමනේදී ලොකුම හයිය වුණේ මගේ බිරිඳගෙන්. කලා ක්ෂේත්රය තුළ ඉදිරියට යන්න අතදුන්න මලින්ද රත්නායක, ලසිත සමරතුංග, සුසිල් ජයසුරිය, බුද්ධික ලක්මාල්, දර්ශන CP මතක් කරනවා. ඒ වගේම මාව නළුවෙක් කරන්න ගොඩක්ම උදව් කළ දිල්රුක්ශි වීරපරාක්රම අක්කව ආදරෙන් මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර