මම හිරේ හිටියත් අපේ රටේ මිනිස්සුන්ට තාමත් මාව මතකයි..ඒකයි මට ජීවත්වීමට ඇති ධෛර්යය
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්රිය වගේම කඩවසම් ප්රවීණ රංගන ශිල්පියෙක් තමයි රන්ජන් රාමනායක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු සුවිශේෂී නළුවෙක් වගේම තිර පට රචකයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔහු අද වන විට චිත්රපට රැසකට රංගන දායකත්වය සපයා තියනවා.
ඒවා අතරින් රෝස වසන්තය, වන් ෂොට් වන්, මායා, රන්ජා, යකඩ පිහාටු වැනි සිනමා පට සුවිශේෂී තැනක් ගන්නවා. කොහොම නමුත් ඔහු රංගනයෙන් වගේම අපේ රටේ දැවැන්ත නිර්භීත දේශපාලන චරිතයක් විදිහටත් කටයුතු කල නිසා ඔහු බොහෝ දෙනෙක් අතරේ නිරන්තරයෙන්ම කතා බහට වගේම ගෞරවයටත් පාත්ර වුණා.
ඉතින් ඒ වගේම දැන් වසරකට වඩා වැඩි කාලයක් සිරගතව සිටින ඔහු මෙවර 2022 වසර ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ජනතාවගේ නළුවා සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂයි.
ඉතින් මේ රන්ජන් රාමනායක විසින් ප්රධාන චරිතය නිරූපණය කරන සුරංග අල්විස් අධ්යක්ෂණය කළ ‘ද ගේම්’ චිත්රපටය තිරගත වීම ආසන්නව තිබියදී ඔහුට මෙම ඇගයීම හිමිවීම තවත් විශේෂයි. තවද මෙම සතුටුදායක මොහොතේ සම්මානයේ පුවත රැගෙන එම චිත්රපටයේ අධ්යක්ෂක සුරංග ද අල්විස් පසුගියදා රන්ජන් රාමනායක හමුවීමට බන්ධනාගාරයට ගිහින් තිබුණා.
ඉතින් එහිදී රන්ජන් ඉතා සංවේදීව සුරංග ද අල්විස් සමඟ සම්මානය පිළිබඳ කතා බහ කරලා තිබුණා. ඉතින් එහිදී ඔහු සුරංග අල්විස්ට පවසලා තිබුනේ ඔහු සිරගතව සිටියත් මේ රටේ රසික සිත්සතන්වලින් ඔහුව ඈත් නොවීම ගැන ඇත්තටම ඔහුට ඇත්තේ ලොකු සතුටක් කියලයි. ඉතින් එය ඔහුට ජීවත් වීමට ධෛර්ය ඇති කරවනවා කියලත් ඔහු එහිදී පවසල තිබුණා. ඉතින් ඒ වගේම සුරංගගේ ‘ද ගේම්’ සිනමා පටය තිරගත කරන නිසා ඔහුට දුන්න සම්මානයට මේ චිත්රපටිය ජනතාවට තිළිණයක් වේවි යැයි ඔහු එහිදී වැඩිදුරටත් පවසලා තිබුණා.