මම හැමදාම හිටගත්තෙ මහජනතාව එක්ක - හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක, තිලකරත්න ඩිල්ෂාන්
"මං සියලුම රටේ බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ මිනිස්සුන්ගෙ, අපේ මිනිස්සුන්ගෙ ප්රශ්නවලට ඉතාමත් ඉක්මනින් පිළිතුරක් ලබාදෙන්න කියලා.."
රටේ පවතින තත්ත්වය ගැන බොහෝදෙනෙක් දැන් කතා කරන්න පටන් අරන්. ඇතැම් පිරිස් එකල සහය ලබාදුන්නත් දැන් දැන් ඇතිව තිබෙන තත්ත්වයත් එක්ක තමන්ගෙ පැවති මතය වෙනස් කරගෙන ජනතාවගේ පැත්තෙන් කතා කරන බවක් අපිට දකින්න ලැබෙනවා.
කලාකරුවො, ක්රීඩකයො වගේම සියලුම දෙනා මීට එකතුවෙලා. හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක තිලකරත්න ඩිල්ෂාන් ද සිය මතය වීඩියෝවක් හරහා පවසා තිබුණා. පහතින් දැක්වෙන්නේ ඔහුගේ එම කතාවයි.
මම අද කතා කරන්නෙ ලොකු වේදනාවකින් ලොකු කණගාටුවකින්. පහුගිය දවස්වල අපේ රටේ සිදුවෙච්ච දේවල් දැකලා බලන් ඉඳලා බලන් ඉඳලා බැරිම තැන තමයි මම වචනයක් කතා කරන්න හිතුවෙ. මොකද අපි දැක්කොත් අපේ රටේ අහිංසක ජනතාව පෝළිම්වල, ප්රශ්නවලින් මිරිකිලා. අද මිනිස්සු පාරට බහින්නෙ ඒ ප්රශ්නවලට උත්තරයක් හොයාගෙන. ඒ උත්තර හොයාගෙන පාරට බහින මිනිස්සුන්ට හිංසා කරන එක අනුමත කරන්න බෑ..අපිට බලන් ඉන්න බෑ. මං සියලුම රටේ බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ මිනිස්සුන්ගෙ, අපේ මිනිස්සුන්ගෙ ප්රශ්නවලට ඉතාමත් ඉක්මනින් පිළිතුරක් ලබාදෙන්න කියලා. මම හැමදාම හිටගත්තෙ මහජනතාව එක්ක. එදා වුණත් ස්ටේජ් එකකට නැග්ගෙ ජනතාවට තියෙන ආදරේට රට ඉදිරියට යයි කියන බලාපොරොත්තුවෙන්. මට කිසිම දවසක පාට පක්ෂ කුළ භේදයක් නෑ.. මම ජාතික පොදු ක්රීඩකයෙක්. ඒ නිසා මම මගේ සියලුම රටේ ජනතාවට ආදරෙයි.