මම හදන කිරිබත්වලට හැමෝම කැමතියි - අශිකා මතසිංහ
හැමදාම වගේ ඉතින් මම අවුරුද්දට කොකිස් තමා ගෙදර හදන්නේ. අනිත් කැවිලි පෙවිලි කඩේන් ගන්නවා. අවුරුදු දවසේ ඉතින් කිරිබතක් එක්ක හොඳ රසට ලුණු මිරිසක් මම හදනවා. මම හදන රස කිරිබත් එකට ගෙදර හැමෝම කැමතියි. විශේෂයෙන්ම මගේ දරුවෝ තුන්දෙනා. මෙදා පාර අපි අවුරුදු සමරන්න යන්නේ මගේ සැමියාගේ ගමේ. එයාගේ අයියා රට ඉඳලා කාලේකට පස්සේ ගෙදර ඇවිල්ලා. ඉතින් එහේ යන්න හිතාගෙන ඉන්නවා. ගම මාතලේ නිසා හොඳ ගැමි අවුරුදු කැවිලි පෙවිලි ටිකක් එහෙදි කන්න ලැබෙයි කියලා මම හිතනවා.