මම වෘත්තියෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මනෝ උපදේශිකා සේවා නිලධාරිනියක්
වේදිකාව ඇගේ තිඹිරිගෙයයි. එහෙත් ටෙලි නාට්‍යය හා සිනමාව තුළද ඇගේ නිරූපණයන් සීමිත වුවත් ඒ සීමිත නිර්මාණ ගණන තුළ ප්‍රේක්ෂකයාට මතක සිටින ආකාරයේ රංගනයක් කරන්නට ඇයට හැකිවිණි. ඇය නමින් නදීශානි පේළිආරච්චිය. මේ දිනවල නදීශානි අපට හමුවන්නේ ශ්‍රියන්ත ප්රසාද්ෙග් සැලෙනා නුවන්හි තනුජා ලෙසත් ප්‍රියාල් වීරසිංහගේ පුංචි අන්දරේ ටෙලිනාට්‍යයේ සොබනි ලෙසත්ය. ඇය අප හඳුනන්නේ රංගන ශිල්පිනියක ලෙස වුවත් ඇය ගැන අප නොදන්නා බොහෝ හැකියාවන් තිබෙන බව ඇය සමඟ සිදුකළ සංවාදයේ දී අපට දැන ගැනීමට හැකිවිය. මේ ඇගේ කතාවයි.
රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂකයෝ මාව මග තොටේදී අඳුර ගන්නවා. ඒත් මගේ අතීතයට ගියොත් මුලින්ම මම බාහිර වැඩකට කියලා සම්බන්ධ වෙන්නේ ක්‍රීඩාවට. උස සහ දුර කියන ඉසව්වලට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. අවුරුදු තුනක් උස සහ දුර ඉසව්වලට සම්බන්ධ වෙලා පළාත් තරගවලින් පිට පිටම චැම්පියන් වුණා. පාසලේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව විදියටත් මම වැඩ කළා. වොලිබෝල්, නෙට්බෝල් තරගාවලටත් සහභාගි වුණා. පාසලේදී ක්‍රීඩාවට ඔය විදියට සම්බන්ධ වෙලා ඉදිද්දී අහම්බෙන් තමයි රංගනය පැත්තට යොමුවුණේ. මුලින්ම දායක වුණේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව කියන නාට්‍යයට. ඒකේ මම දායක වුණේ ඉතාම කුඩා චරිතයකට. මට තිබුණේ රජ්ජුරුවන්ට පවන් සලන්න. ඒත් ඒකට පුදුම විදියට මම ලෑස්ති වුණා. ගෙදරට එහෙම වදයක් දීලා නිල් පාට සාරියක් හොයන්න ඊට කලින් දවසේ අම්මා ගම පුරාම ඇවිද්දා. එතනදි තමයි මුලින්ම රංගනය ගැන ආසාවක් ඇති වුණේ. රංගනයට වගේම ලියන්න පුළුවන් කියන එකත් මම මුලින්ම හඳුනා ගත්තේ පාසලේදී. ඉස්කෝලේ බුද්ධාගම උගන්නපු සර් පාඩමට අදාළව නාට්‍යයක් කරලා පෙන්නන්න කියලා අපට පැවරුවා.
ඒක ගොඩාක් අයගේ ඇගයීමට ලක්වීමත් එක්ක ඒ ලැබුණු උත්තේජනය නිසා දිගටම සාහිත්‍ය සමිති, බෞද්ධ සමිතිවලට අපි නාට්‍ය කරන්න ගත්තා. අපේ නාට්‍යවලින් ඉස්කෝලේ ළමයි විනෝද වෙනවා කියලා අපට තේරුණා. නාට්‍ය කිරීම එක්ක පාසලෙනුත් අපට යම් පිළිගැනීමක් එන්න ගත්තා. ඒ කාලේ මම නසරානි වැඩවලටත් දක්ෂයි. ඉස්සර අපේ ඉස්කෝලේ ළඟ ආච්චි කෙනෙක්ගේ ගෙදර ජම්බු ගහක් තිබුණා. ඒකේ නැගලා ජම්බු කඩන වැඩේට මූලිකත්වය ගත්තෙත් මම තමයි.
ඒ වගේම ඉස්කෝලේ කාලේ මම ඉගෙන ගන්නත් දක්ෂයි. 09 පන්තිය වෙනකම්ම පංතියේ පළවෙනියා මං. ඒ කාලේ තිබුණු විෂයන්වලින් ගණිතයට මගේ කැමැත්තක් තිබුණේ ඒ සර් උගන්නපු විදිය නිසා කියලා අද මට හිතෙනවා. ඔය අතරේ තමයි මට තදබල විදියට නාට්‍යවලට හිත යන්නේ. ඔය කාලෙදි සංස්කෘතික මධ්‍යස්ථානවලට මම සම්බන්ධ වුණා. මං හිතන්නේ ආර්ට් නගා සිටුවන්න ලංකාවට අත්‍යවශ්‍යම ආයතනයක් තමයි ඒක.
මං ඒ කාලේ ඉස්කෝලෙදි ඩාන්සිනුත් කළා. නන්දනී බුදවත්ත මහත්මිය යටතේ තමයි නැටුම් කලාව හැදෑරුවේ. ඒ කාලේ තරුණ සේවා සභාවේ යෞවන සමාජ හරහා කෑම්ප්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී ලියන්න කැමැති අයට සංවිධානය වුණු තරග තිබුණා.
මට මුලින්ම සම්මානයක් ලැබුණේ ලේඛකයෙක් ගැන මම ලියපු ලිපියකට. ඒ වගේම ඒ කාලේ චිත්‍රපටි බලන්න, පොත් කියවන්නත් ප්‍රිය කළා. මගේ වෙනත් හැකියාවන් වර්ධනය වෙන්නත් ඒක බලපාන්න ඇති. මගේ ජීවිතයේ කලාව පෝෂණය වෙන්න බලපාපු ප්‍රධානම කෙනෙක් තමයි මහේෂ් කුමාර අයියා. එයාලට තිබුණු දැක්ම අපේ ජීවිත වෙනස් වෙන්න බලපෑවා.
අද මම වෘත්තියෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මනෝ උපදේශිකා සේවා නිලධාරිනියක්. මහරගම සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධව තමයි මනෝ උපදේශිකාවක් විදියට මම කටයුතු කරන්නේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා මනෝ උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා. තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කරනවා. රංගනය වගේම මනෝ උපදේශනය කියන්නෙත් මගේ කැමැතිම විෂය ක්ෂේත්‍රයක්. චරිතයක් කරනකොට ඒ චරිතයේ අභ්‍යන්තර දේ පිළිබඳව පවා අපි ගැඹුරට කිමිදිලා හොයනවා. රංගනයේදී සාමුහිකව එකතු වුණු පිරිසකට අපේ නිර්මාණය හරහා දෙයක් සමාජගත කිරීමට උත්සාහ කරනවා. මනෝ උපදේශනයේ දී ඒ දේම සමහර විට පුද්ගලිකව අප ලබා දෙනවා.
මං හිතන්නේ මනෝ විද්‍යාව හා කලාව කියන්නේ එකිනෙකට සපෝට් කරන විෂයන් දෙකක්. රංගන ශිල්පිනියක් විදියට ජනප්‍රියත්වයට වඩා සමාජයට දෙයක් ලබාදෙන චරිතයකට දායක වෙන්න මම වඩා කැමැතියි. මගේ ජීවිතයේ අවසාන අරමුණට මේ විෂයන් දෙකම සපෝට් කරනවා. ලෝකයේ අද කලාව බොහෝ විට ගොඩනැගෙන්නේ මනෝ විද්‍යාව පදනම් කරගෙන. රංගන ශිල්පිනියක්වීම ගැන මම ඉතාම තෘප්තිමත්. සමහර විට මං රංගනයට නොආවනම් මටත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගැහැනියක් වීමට බොහෝ දුරට ඉඩ තිබුණා. එහෙත් ඒ සියල්ල රංගනය නිසා වෙනස් වුණා. රංගනයේදි මම පළමු තැන දෙන්නේ වේදිකාවට. කලාව ‘ආනන්දයෙන් ප්‍රඥාවට’ යා යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. කලාවේදි යම් වින්දනයක් එක්ක අවබෝධයකුත් ලබාදෙන්න ඕන. මට එක කනගාටුවක් තියෙනවා. ඒ තමයි ක්‍රීඩාව පැත්තෙන් ඉස්සරහට ඒමට නොහැකි වීම ගැන. ඉස්කෝල මාරු වීම ඒකට බලපෑවා කියලා මම අද හිතනවා. රංගන ශිල්පිණියක් විදියට ඉදිරියට නොආවනම් ක්‍රීඩාවෙනුත් යමක් කරයි කියලා අද මම හිතනවා.
අමිල චින්තක ගමගේ