මම ලෙඩ ඇඳේ මරුවා සමග සටන් වැදී සිටිමි, ඔය ඇති මා අත්හැර දමන්න
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ, සිය සමාජ මාධ්‍ය ගිණුමට සංවේදී සටහනක් එක් කර තිබෙනවා. මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද පත්වුණු ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මේ වන විට පැවැත්වෙන අරගල භූමිය තුළ දකින්නට ලැබුණේ නෑ. රෝහණ බැද්දගේ සමාජ මාධ්‍ය තුළ පළ කළ සටහන පහතින් බලන්න...
දැන් අසූ හතයි . මම ලෙඩ ඇඳේ මරුවා සමග සටන් වැදී සිටිමි. දැන් ඔය ඇති. මා අත්හැර දමන්න. ඔබ සතුටින් ජීවත් වෙන්න. ඔබ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා. ආයුබෝවන්.