මම මුලින්ම හැඩ කළේ මගේ අම්මාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපලාවන්‍ය යනු කලාවකි. මේ කලාව මැනවින් හසුරුවන්නට හැම දෙනාටම නොහැකි. මේ සඳහා හොඳ පළපුරුද්දක්.. අත්දැකිම්.. සමුදායක් වගේම මනා කැපවීමක්ද අත්‍යවශ්‍ය වෙයි. මේ සියලු දේ කැටි කර ගනිමින් දේශිය රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් තරුණ රුපලාවන්‍ය ශිල්පියෙකු අපට හමුවුණා. ඔහු නමින් සමුද්‍ර සිතුරුවන් වැලිවත්ත.

රූපලාවන්‍ය ශිල්පයට මුලින්ම මම යොමු වුණේ මට වයස අවුරුදු දොළහේදී. එතකොට මම හත්වැනි වසරේ අධ්‍යාපනය ලබනවා. මම කුඩා නිසා කවුරුත් මට කැමති වුණේ නැහැ මා ලවා රූපලාවන්‍ය කටයුතු කරගන්න. පස්සේ මම මගේම අම්මාව අන්දන්න හැඩකරන්න ගත්තා. විවිධ අංගවලට ඇයව හැඩ කරමින් මම ඉදිරිපත් වුණා. ඔය විදිහට තමයි මුලින්ම මම රූපලාවන්‍ය ශිල්පයට අත්පොත් තැබුවේ.
සමුද්‍ර මුලින්ම තමන්ගේම කියලා රූපලාවන්‍ය ආයතනයක් පටන් අරන් තියෙන්නේ 2011 වසරේදී. ඒ පානදුර ප්‍රදේශයේ. ඒ එක්කම ඔහු තවත් ශාඛාවක් මහරගමදිත් විවෘත කර තිබෙනවා ඒ කාලේදීම. එතැන් පටන් දිගින් දිගටම මහරගම, බොරලැස්ගමුව අවට ප්‍රදේශය වල ඔහු සිය රූපලාවන්‍ය කටයුතු කර ඇති අතර, වර්තමානයේ බොරලැස්ගමුව, වේරහැර ජනතා මාවතේ ඔහු තම අලුත්ම රූපලාවන්‍යගාරය පවත්වාගෙන යමින් සිටිනවා.

වේරහැර ජනතා මාවතේ තමයි මගේ අලුත්ම රූපලාවන්‍යගාරය තියෙන්නේ. මීට මාස දෙක තුනකට කලින් තමයි වැඩ පටන් ගත්තේ. රූපලාවන්‍යගාරයකින් සිදුවන හැම කටයුත්තක්ම මෙතැනින් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බ්‍රයිඩ්ල් ඩ්‍රෙසින්, ක්ලීන් අෆ්, හේයාර් ස්ට්‍රයිල්ස්, මේකඅප්, හෙනා ට්‍රිට්මන්ට් වගේ දේවල්.

අද මිනිස්සු ආර්ථික ප්‍රශ්න මැද තමයි ජිවිතේ ගෙවන්නේ. ගොඩක් සාධාරණ ගණනකට තමයි අපි අපේ රූපලාවන්‍ය කටයුතු කරන්නේ. විශේෂයෙන්ම දැන් විවාහ මංගල සමය ආරම්භ වෙලා තියෙනවා. මිනිස්සු අද ගොඩක් අඩුවට තමන්ගේ විවාහ මංගල්‍යය කරන්න බලනවා. අපිත් මිනිස්සුන්ට දරන්න පුළුවන් මුදලකට ඒ වැඩ භාරගන්නවා. මොන ව්‍යාපාරයක්වත් කරන්න බැහැ අද පරිභෝගිකයෝ නැතුව. ඉතින් අපි අපේ සේවය ඔවුන්ට සරිලන මුදලකට කරනවා.

සමුද්‍ර කියන්නේ කලාවට සම්බන්ධ වුණ කෙනෙක්. තමන්ගේම රූපලාවන්‍යගාරයක් ආරම්භ කරන්නට මත්තෙන් ඔහු ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ රැසකම අංග රචනා ශිල්පියෙක් වගේම වේශ නිරූපණ ශිල්පියෙක් විදිහටද කටයුතු කර තිබෙනවා. ඊට අමතරව සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ සිරස කුමරිය පළමු අදියරය, සිරස ඩාන්සින් ස්ටාර් පළමු හා දෙවැනි අදියරය වගේම මෙරට රියැලිටි කලාව වෙනස්ම මානයකට ගෙන ගිය සිරස සුපර් ස්ටාර් පළමු, දෙවැනි හා තුන්වැනි අදියරවල ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා ලෙසද කටයුතු කරනු ලැබුවේද සමුද්‍රය. ඊට අමතරව වර්තමානය වනවිට ඔහු රූපලාවණ්‍ය පත්ම වීභුශණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය හා රූපලාවන්‍ය ආචාර්ය පදවිද ලබා තිබෙනවා.

රුපලාවන්‍ය ශිල්පියෙක් විදිහට මට මේ ක්ෂේත්‍රය තුළ දශක තුනක විතර අත්දැකිම් තියෙනවා. අද වෙන කොට මම රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට යන්න ඕනා උපරිම තලයට ගිහිල්ලා තියෙනවා. ඊට සම්බන්ධ පාඨමාලා හදාරා තියෙනවා. ඇමෙරිකාවෙන් මට රූපලාවන්‍ය ශිල්පිය පිළිබඳව උපාධියක් පවා පිරිනමලා තියෙනවා. ඒ වගේම ලංකාවේ විතරක් නෙමෙයි මම ඩුබායි, මැලේසියාව, කැනඩා ඇතුළු විදෙස් රටවල් ගණනාවකට ගිහින් තියෙනවා මනාලියන් හැඩගන්වන්න. ඉතින් ගොඩක් සතුටු වෙනවා තරුණ රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට අද මම ඉන්න තැන ගැන.

බුද්ධික සේනාධීර