’’මම බොහොම නිර්පාක්ෂිකව ස්වාධීනවයි හිටගන්නෙ - හදිසියේම ලයිව් ආ දුලීකා කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුලීකා මාරපන කියන්නෙ ආරම්භයේ පටන්ම අරගලයත් එක්ක හරි හරියට උන්නු කෙනෙක්.  අරගලයට සම්බන්ධව කටයුතු කරනවා වගේම ඇය සිය මුහුණු පොතේ තබන සටහන් දිහා බැලුවාමත් ඒ බව හොඳටම පැහැදිලියි. ඇය හදිසියේම ෆේස්බුක් ලයිව් ඇවිත් තිබුණා. පහතින් දැක්වෙන්නේ ඇයගේ එම කතාවේ අවස්ථා කිහිපයකි.
 
"මේ අවිහිංසාවාදී අරගලයත් එක්ක එකතු වෙන්න. මේ ඔවුන් අරගල කරන්නෙ අපි ඔබ වෙනුවෙන්. අපේ රට වෙනුවෙන්.    
පාරවල් හරස් කරනවා. යන්න දෙන්නෙ නෑ. මේවා කරන්නෙ අරගලයේ මිනිසුන් නෙවෙයි. අරගලය දියාරු කරන දේශපාලන ප්‍රවාහයන්. මේක තුළ ඉංජිනේරුවන් ,ගොවියන් ,විද්‍යාර්ථීන් ඉන්නවා. සාමකමී අරගලය සහ මේ ඔබට ඇතිවන පීඩාවන් අතර සම්බන්ධතාවයක් නෑ. 
 
මම බොහොම නිර්පාක්ෂිකව ස්වාධීනවයි හිටගන්නෙ. හැබැයි මේ තුළ ඉන්න බොහෝ පිරිස් අපි දන්නවා. අඳුරනවා. අපිත් එක්ක එකට වැඩකරලා තියෙනවා. එකට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබලා තියෙනවා. ඔවුන් මූණට දැක්කාම පයින් ගහන පුරුද්දක් නෑ... 
ඉවසලා ඉවසලා බැරි අවසාන මොහොතත් ඉවසීම තමයි මනුෂ්‍යන් විදියට අපි කළ යුතු වෙන්නේ.   
 
අපි එක ගලක් අතට ගත්තොත් ගල් දාහක් අතට ගනීවි එතකොට මහ විනාශයක් වෙන්නෙ. මේවා කඩු කිණිසිවලින් හෝ ගල් මුඟුරුවලින් හෝ විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. බුද්ධියෙන් කටයුතු කරන්න. නිරන්තරයෙන්ම බුද්ධිමත්ම මේ දෙස බලන්න...."
 
පහතින් දැක්වෙන්නේ ඇය ලයිව් ආ වීඩියෝවයි.