මම නීල් අයියා වැරදි නෑ කියන් නෑ, රොෂාන් නීල්ට විරුද්ධව මුකුත් කරපු කෙනෙක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම කියන්නෙ කණ්ඩායම් සංගීතයේ පෙරළියක් කරපු කවුරුත් ආදරේ කරපු බෑන්ඩ් එකක්. නමුත් යම් යම් හේතූන් මත, කණ්ඩායමේ හිටපු සුපිරි වාදකයින් සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණා ඔබට මතක ඇති. මේ පිළිබඳව විවිධ රාවයන් සංගීත කරළියේ පැතිරුණා.

කෙසේ වෙතත්, පසුකාලීනව සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදනය කළ, මංජුල ගමගේ, නොයෙල් රාජ් සහ රුවන් බණ්ඩාර වැනි ශිල්පීන් සඳහන් කළේ, නායකත්වය විසින් තමන්ව නෙරපූ (ඉවත් කළ) බවයි. මේ අතර, පසුගිය දවසක තරුණයා Online සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සන්ෆ්වලර් නිවේදක නෙල්සන් වාස් මේ ගැන යම් හෙළිදරව්වක් සිදු කළා.

ඔහු එහිදී සඳහන් කළේ, "නීල්ගේ ඇතැම් තීරණ වලට" ඔහු එකඟ නැති බවයි.

"මම ඇහුවා ඒ වෙලාවේ නීල්ගෙන් ඇයි රොෂාන්ව අයින් කළේ කියලා. (රොෂාන් පෙරේරා එවකට සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ඩ්‍රමස් වාදකයා ලෙස කටයුතු කළ අතර, රොෂාන්ගේ සොහොයුරා වූ ඇන්ටන් පෙරේරා කීබෝඩ් වාදකයා ලෙස කටයුතු කළා.) රොෂාන් කියන්නෙ ඩ්‍රින්ක් එකක්වත් දාන් නැති ප්‍රතිපත්තිගරුක කෙනෙක්. නමුත් එයා බෑන්ඩ් එකේ අයින් කරන්න තරම් නීල්ට විරුද්ධව මුකුත් කරපු කෙනෙක් නෙවෙයි. අයියා ඇන්ටන්නේ. එයානේ කීබෝඩිස්.. නීල් කිව්වා උඹ එහෙනම් ඇන්ටන් නැතුව රොෂාන්ව විතරක් නතර කරගනින් කියලා. නමුත් පරක්කු වැඩී, රොෂාන් කිව්වා, මට නතර වෙන්න කිව්වට පස්සෙ එන්න බෑ කියලා."

"ඒ අයින් කරපු සෙට් එකෙන් අසාධාරණ විදිහට අයින් කරපු කෙනා විදිහට මම හිතන්නෙ රොෂාන්.. අනිත් අයව අයින් කරන්න සාධාරණ හේතු තිබුණා. සෑහෙන අපි අවුරුදු 20ක් විතර හිටියා. එකම කට්ටියක්. මම නීල් අයියා වැරදි නෑ කියන් නෑ.. රොෂාන්ව අස්කිරීම, සහෝදරකමට ප්‍රශ්නයක් වෙන නිසා තමයි දෙන්නම අයින් කළේ. රොෂාන් අස්කිරීම සන්ෆ්ලවර් එකට ගොඩක් බලපෑවා.."