මම දික්කසාද ගැහැනිය කියන එකට මම කැමතියි, ඒක හරි අමාරුයි. හැමෝටම කරන්න බෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් වුණු ඇය නමින් වොල්ගා කල්පනී. ඇයට ම අනන්‍ය රූප සම්පත්තියකින් බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් වසඟයට ගත්ත වොල්ගා අද නිතරම වගේ රූප පෙට්ටියේ දකින්න පේන්න ඉන්න චරිතයක්. වොල්ගා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ එක් වෙමින් ඇගේ ජීවිතේ සුවිශේෂි මතකයන් ගැන මේ විදිහේ අනාවරණයක් සිදු කළා.

ජීවිතේ නිදහසේම හිටපු කාලය..?

දියණිය සහ බිරිඳ කියන කාලය බොහෝම නිදහසේ හිටපු කාලය.

අභියෝගාත්මකව හිටපු කාලය මොකද්ද ?

ඒක නම් අනිවාර්යෙන්ම දික්කසාද ගැහැනිය කියන ටයට්ල් එක ආව දවසේ ඉඳන් ඒක පොඩි අභියෝගයක්. මම දික්කසාද ගැහැනිය කියන එකට මම කැමතියි. ඒක හරි අමාරුයි. හැමෝටම කරන්න බෑ. මම කොහොමත් අමාරු වැඩවලට කැමතියි. ඒ නිසා මම කැමතියි. මම ආසයි..... ජීවිතේ තේරුම් ගන්න පුළුවන් කාලයක්. කාටවත් එහෙම වෙන්න එපා කවදාවත්. මිනිස්සු කියන කතා අහන්න, ආශ්‍රය කරපු මිනිස්සු කියන දේවල් දරාගන්න. ඉස්සර මට පොඩි දේටත් ඇඬෙනවා. දැන් එහෙම නෑ. ලංකාවේ තමයි දික්කසාද ගැහැනියට මේ හරි නිකාන් අමුතු තැනක් තියෙන්නෙ. සැමියෙක් නැතුව දරුවෙක් හදාගන්න මිනිස්සු කොච්චර ඉන්නවද?

දික්කාසදයට හේතුව ?

හැම දික්කසාදයකට ම මම කියන් නෑ එක්කෙනෙක් වැරදි යි කියලා. මම මගේ හොඳම යාලුවා එක්ක විවාහ වෙන්නෙ. අදටත් ඔහු සමඟ තරහා නෑ. හොඳට කතා කරලා සුහදව ඉන්නවා. මම වෙන කෙනෙක්ට චෝදනා කරන් නෑ. වොල්ගා තනිකඩයි කියනවා නම් එහි සියලු වගකීම භාරගන්නෙ මම.

දික්කසාදයෙන් පස්සෙ කලින් සැමියා හම්බවුණොත්..? නැවත යහලුවෝ හැටියට ආශ්‍රය කරන්න පූළුවන්ද ?

ලංකාව වගේ රටක ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඔ්පදූපවලට කැමතියිනේ ලංකාවේ මිනිස්සු. මම කැමති නෑ බොරු සංස්කෘතියක් මවාගෙන ඉන්න. සංස්කෘතියට හරි වටිනවා. මේ පහුගිය 4 ඇතුළත අවස්ථාවන් ගොඩකට මුහුණ දීලා තියෙනවා. අපි සුහදව කතා කරනවා.

විවාහයේදී දරුවන් ඉන්නවා නම් දික්කසාද නොවෙන්න ඒක හේතුවක් වෙනවද ?

ඇත්ත කතාව මට දරුවෙක් නැති නිසා, මම ඒ හැඟීම තාම දන් නෑ. ඒක හරිම ලස්සන හැඟීමක්. මම ජීවිතේ ලබන්න ම කැමතිම වෙච්ච අත්දැකීම ඒක. හැබැයි... ඒක නෑ මට මේ වෙද්දි.. ඒ නිසා මට ඒ ගැන කියන්න බෑ.