මම තිස්පාරකට වඩා අවුරුදු කුමරිය වෙලා තියෙනවා
ටෙලි නාට්‍යය කිහිපයක දුටු නිමේෂා සංජිවනි මේ දිනවල විකාශය වෙන හපන්නු අපේ ගමේ රාජ්‍යයේ ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබේ. රංගන ශිල්පිණියක් ලෙස කලා කටයුතු කිහිපයක් ඔස්සේ මේ දිනවල සිය රසික පිරිස් මුණ ගැසෙන නිමේෂා සිය කලා ජීවිතය ගැන සාරවිට අපට කිව්වේ මේ වගේ කතාවක්.
නිමේෂා කියන්නේ අවුරුදු කුමරියක්?
ඔව් මම අවුරුදු කුමරියක්. දැනට මම අවුරුදු කුමරි තරග 30කට වඩා වැඩි ප්‍රමාණයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. මගේ මතකය හැටියට මුලින්ම අවුරුදු කුමරි තරගයකට සහභාගි වුණේ 2012 වසරේ. ඒ සියනෑ අවුරුදු කුමරිය තරගයට. ඒ තරගයේ ජයග්‍රාහිකාව වුණේ මම. විශේෂයෙන්ම කියන්න ඕනා වසර තුනක් මම එක දිගට සියනෑ අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කළා. 2015 වසරේ ස්වාධින රූපවාහිනි අවුරුදු කුමරිය තරගයේ පළමු තරගකාරියන් පස් දෙනා අතරට මම ආවා. ඒ වගේම 2016 වසරේ YFM අවුරුදු කුමරිය වුණා.
කොහොමද ඔබ රංගනයට පිවිසෙන්නේ?
මම රංගනයෙන් පළමු වරට දායක වුණේ ස්වාධින රූපවාහිනියේ විකාශය වුණ චන්දික අයියාගේ රිදි සිත්තම් ටෙලි නාට්‍යයට. ඊට පස්සේ අකිල සඳකැළුම් අයියාගේ ගුරුපාර, චරිත් අබේසිංහ අයියාගේ මහරජ ගැමුණු ටෙලි නාට්‍යවල රඟපෑවා. මහරජ ගැමුණු ටෙලි නාට්‍යයේ කළේ දිල්හානි අශෝකමාලා අක්කි කරපු විහාර මහදේවි චරිතයේ තරුණ විය.
ඔබ අතරමඟදි කලා කටයුතුවලින් හදිසියේ ඉවත් වුණා නේද?
ඔව්, 2016 වසරේදී. මගේ පෞද්ගලික වැඩ කිහිපයක් නිසාවෙන් මම රංගනයට තාවකාලිව සමුදුන්නා. ආයෙත් මම රඟපාන්න ආවේ මේ දිනවල ස්වර්ණවාහියේ විකාශය වෙන හපන්නු අපේ ගමේ රාජ්‍යයේ ටෙලි නාට්‍යය හරහා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා බුද්ධික ලොකුකැටිය අයියාට මේ අවස්ථාව මට ලබා දුන්නාට.
කොහොමද අලුත් චරිතයට ලැබෙන ප්‍රතිචාර?
ඔව් ගොඩක් හොඳ රසික ප්‍රතිචාර හපන්නු අපේ ගමේ රාජ්‍යයේ ටෙලි නාට්‍යයේ ශ්‍රීයා ටිචර්ට ලැබෙනවා. මොකද, මම කලාවෙන් ඉවත් වුණ එක මගේ රසික, රසිකාවියන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. ආයේ මාව මේ දවස්වල දකින්න ලැබුණ ඒක ඒ අයට ලොකු සතුටක්. හැමෝම කියනවා ආයේ නම් කලා කටයුතුවලින් ඉවත් වෙන්න එපා කියලා.
කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?
පොඩි කාලේ කලාවට එනවා කියලා මට හීන නම් තිබුණේ නැහැ. අවුරුදු කුමරි වුණාට පස්සේ ලැබුණ මිනිස්සුන්ගේ අවධානයත් එක්ක තමා කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව මට ලැබුණේ. හැබැයි මම පාසල් කාලේ නම් කලාවට සම්බන්ධ වෙලා වැඩ කළා. කොටින්ම පාසලේ නම් කලාව පැත්තෙන් මම ගොඩක් කැපිලා පෙනුණ කෙනෙක්.
ශ්‍රීයා ටිචර්ගෙන් පස්සේ ආයේ අපිට නිමේෂාව දකින්න ලැබෙන්නේ?
ටෙලි නාට්‍යයවලටත් වඩා වේදිකාවෙන් මාව දකින්න ඉදිරියේදී දකින්නට ලැබෙයි. මේ දිනවල වේදිකා නාට්‍යය දෙකකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒ වැඩත් එක්ක ලොකුවට මම කාර්යබහුල වෙයි කියලා හිතනවා.
බුද්ධික සේනාධීර