මම ගොඩක්ම කැමති රස්නේ පැතිවල අව්වේ ඇවිදින්න යන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර  Star Travel විශේෂාංගය තුළින් සඳැල්ල සමඟ එකතු වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන  මනෝජා ප්‍රනාන්දු.

මනෝජා Travel කරන්න තියෙන කැමැත්ත කොහොමද ?

මම Travel කරන්න ගොඩක් කැමති කෙනෙක්. පුළුවන් හැම වෙලාවකම වගේ Travel කරන එක තමයි කරන්නේ. මගේ ජිවිතේ අංක එක ඡායාරූපකරණය ඊළගට මම කැමතිම දේ Travel තමයි. විශේෂයෙන් කියන්න ඕන මම කාලයක් විෂාදය හැදිලා හිටපු කෙනෙක්. ඒ කාලය තුළදී මම බෙහෙත් පෙති භාවිතා නොකර වෙනත් ක්‍රමයකට සුවපත් වෙන්න උත්සාහ කළා. මුලින්ම සින්දු ඇහුවා. ඊට පස්සේ ඒ ක්‍රමය හරි ගියේ නැති නිසා Travel කරන්න පටන් ගත්තා. ඒ ක්‍රමය නිසා ගොඩක් දුරට සුවපත් වුණා. මගේ මනසට ලොකු නිදහසක් දැනුණා ඒ නිසා. මම Travel කරන්න ගොඩක් කැමැති කෙනෙක්. ඇත්තටම Travel කරනවා කියන්නේ භාවනාවක් වගේ.  

වැඩිපුරම travel කරන්නේ කා එක්කද 

ඇත්තටම මුලින්ම මම Travel කරන්න පටන් ගත්තේ නම් තනියම. Travel කරන්න පටන් අරගෙන ලොකු කාලයක් නැහැ. ගෙදර අය සහ යාලුවෝ එක්ක Travel කරන්න කැමතියි. නමුත් ගොඩක්ම කැමති තනියම Travel කරන්න. ඒ නිසා මම තනියම ඇවිදින්න ගිහින් ලබන අත්දැකීම, ඒ දැනෙන විශ්වාසය එක වෙන කොහොමවත් විදින්න බැහැ. කිසිම කලබලයක් නැහැ. මම ඇවිදින්න යන තැන් වල මට ඕනෑම කාලයක් ඉන්න පුළුවන් නිදහස තියනවා. ඒ නිසා ගොඩක්ම කැමති තනියම ඇවිදින්න.    

වැඩිපුරමTravel කරන්න කැමති කොහෙද ? 

සාමාන්‍යයෙන් ගොඩක් අය Travel කරන්න කැමති සීතල පැති වලටනේ. නමුත් මම කැමති නැහැ සීතල පැති වල Travel කරන්න. ලංකාවේ නම් මම ගොඩක්ම කැමති රස්නේ පැතිවල අව්වේ ඇවිදින්න යන්න. සීතල පැතිවල ගත්තොත් පරිසරය හරිම සුන්දරයි නමුත් මම ඒ කාලගුණයට එතරම් කැමැත්තක් නැහැ. ලෝකෙන්ම ගත්තොත් එක එක රටවල තියෙන බීච් වයිබ් එකට තමයි ගොඩක්ම කැමති. මුහුද කියන්නේ මට නම් පිස්සුවක් වගේ. ඒ තරම් මම මුහුදු පරිසරයට කැමතියි.

මනෝජා ලංකාවේ වැඩිපුරම travel කරන්නේ කොහෙද ?

මම එක දිගට තුන්පාරක් ත්‍රිකුණාමලේ Travel කරලා තියනවා. එක පාරක් මම ත්‍රිකුණාමලේ ගිහින් ආයේමත් එහෙ ලස්සන නිසාම මට යන්න උවමනයි කියලා හිතලා ඊළඟ සතියෙත් ආපහු ත්‍රිකුණාමලේ ගියා. ඊට සති තුනකට විතර පස්සේ ආයෙත් ගියා. ඒ වගේම තමයි මම යාපනේ, සිගිරිය Travel කරන්නත් කැමතියි.  

පිටරට වල වැඩිපුරම travel කරලා තියෙන්නේ කොහෙද ? 

රටවල් කිහිපයකම Travel කරලා තියෙනවා. Travel කරපු රටවල් අතරින් කැමතිම රට මාලදිවයින තමයි. බාලි, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල් වල යන්න ගොඩක් කැමතියි. 

මෙච්චර කාලෙකට මනෝජා travel කරපු මතක හිටින සංචාරය මොකක්ද ?

පිටරටවලින් නම් මාලදිවයින සංචාරය තමයි මගේ මතකයේ රැදුණු සුන්දරම මතකය. ලංකාවේ නම් සිගිරිය, යාපනය, ත්‍රිකුණාමලය තමයි මම Travel කරපු මතක හිටින සුන්දරම සංචාරයන් වුණේ. සීගිරිය සහ යාපනේ සංචාරයේ විශේෂත්වය වෙන්නේ මම කිසිම කෙනෙක් නැතුව තනියම තමයි Travel කළේ. මොකද ජිවිතේ බලාපොරොත්තුවක් තිබුණා යාපනේට තනියම Travel කරන්න. ඉතින් මම යාපනේට සහ සීගිරියට Travel කරපු මතකය මට ගොඩක් වටිනවා. 

කෑම කන්න තැන් හොයාගෙන travel කරනවද ?

ඇත්තටම මම කෑම වලට වඩා මොබයිල් පොටෝග්‍රෆි වලට ගොඩාක් කැමතියි. ඉතින් Travel කරන හැම වෙලාවකම වගේ ලස්සන වීව් එකක් තියෙන තැන් හොයන අවස්ථා තියෙනවා . සමහර තැන් වලට  ගියාම ඒ දැනෙන හැගීම, නිදහස විදින්න තමයි මම ගොඩක්ම කැමති. 

එතකොට travel කරද්දී කන්න හම්බුණ රසම කෑම මොනවද ?

ලංකාවේ Travel කරද්දී යාපනේදී මට කන්න හම්බවූණා රසම රස ඉට්ලි, තොසේ සහ කැවිලි වගයක්. ඒ වගේම මම ගොඩක් කැමති ඉන්දියන් විදියට කන්න බොන්න. මම කැමතිම ලඩ්ඩු, තෝසේ වගේ කෑම කන්න.  ත්‍රිකුණාමලේ ගිය අවස්ථාවක කොනේෂ්වරම් කෝවිලේ තිබුණ උත්සවේකදී කන්න දුන්න රසම රස බත් එකක්. ඒ බත් එක මම කවදාවත් කාලා තිබුණේ නැහැ. ඒක ඇත්තටම හරිම රසයි.  

මනෝජා කොහොමද travel කරන්න යන්න සූදානම්‍ වෙන්නේ ? 

මම කවදාවත් Travel කරන්න යන්න ප්ලෑන් කරන්නේ නම් නැහැ. මට මේ මොහොතේ Travel කරන්න හිතුනොත් යනවා. ඒ වගේම මම කෝච්චියේ තමයි Travel කරන්නේ. කෝච්චිය කියන්නේ ඇත්තටම මම Travel කරන්න කැමතිම වාහනේ. ඉතින් කෝච්චි තියෙන්නේ කොහෙටද ? කීයටද බැලුවා රෙදි ටික ලෑස්ති කරගෙන Travel කරන තැන් හොයාගත්තා ගියා. මම ප්ලෑන් කරලා ගිය පළවෙනි ගමන යාපනේ සංචාරය. මොකද ඒ සංචාරය මට අභියෝගයක් වෙයි කියලා හිතුණ නිසා.  

Travel කරද්දි සිදු වුණු අමතක නොවෙන මතක මොනවද ?

අමතක නොවෙන මතකය තියෙන්නේ සිගිරිය සංචාරය එක්ක. මම සීගිරියට Travel කළේ තනියම. කළින් පාසලෙන් හෝ ගෙදරින් Travel කරලා තිබුණේ නැහැ. කොහොමහරි ගෙදරින් එද්දී තාත්තා මට කිව්වා පුතේ පර්ෆියුම්ස් පාවිච්චි කරන්න එපා බඹරු ඉන්න නිසා කියලා. නමුත් පුරුද්දට වගේ මම පර්ෆියුම් එක පාවිච්චි කළා. කොහොමහරි සිගිරි ගලේ මගක් දුරට නැගලා ඉද්දී මී මැස්සෝ තුන් හතර දෙනෙක් මගේ වටේ කැරකෙනවා. මගේ පලවෙනි සිගිරි ගමනත් නිසා මට දැන් බයටත් එක්ක කලන්තයක් ආවා. මම මගක් දුරක් ඇවිල්ලත් එක්ක නිසා ඉක්මනට ඒ පඩිය උඩම වාඩි වුණා. පස්සේ සීගිරි කාර්යාලයට කෝල් එකක් අරගෙන මෙතනට කාවහරි එවන්න කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම සිගිරිය නගින්න පටන් ගද්දී පාන්දර පහට විතර ඇති. වෙනත් කවුරුත්ම හිටියේත් නැහැ. ඊට ටික වෙලාවකට පස්සේ ගයිඩ් කෙනෙක් ඇවිත් තත්ත්වය පාලනය කරලා තව විදේශ සංචාරකයෝ දෙන්නෙකුයි මමයි අපි කීප දෙනෙක් ආපහු සීගිරි ගලට නැග්ගා. ඇත්තටම ඒ මතකයන් හරිම සුන්දරයි.

අමා අලහකෝන්