මම ගොඩක්ම කැමති නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල කියන පැතිවල ඇවිදින්න යන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Travel කරනවා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ජිවිතේ මානසික නිදහස, සතුට පවත්වා ගන්න පුළුවන් හරිම සුන්දර විනෝදාංශයක්. නමුත් මේ සඳහා එකිනෙකා තුළ ඇත්තේ විවිධාකාර කැමැත්තක්. Travel කරන එක විනෝදාංශයක් කර නොගත්තත් ලැබෙන පුංචි විවේක කාලය තුළ තමන් කැමති තැනක ඇවිදින්න යන්න කාර්යබහුල ජිවිතයෙන් මිදෙන්න බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. ඉතින් මේ සුන්දර Travel මතක බෙදාගන්න ජනප්‍රිය රංගන ශිල්පිනී දමිත්‍රි සුබසිංහ මෙවර සඳැල්ල අපිත් එක්ක එකතු වුණා.  

දමිත්‍රි ට්‍රැවල් කරන කෙනෙක්ද ? 

ඔව් මම ට්‍රැවල් කරන්න කැමතියි. හැබැයි නිතරම ට්‍රැවල් කරන කෙනෙක් නෙමෙයි. 

ට්‍රැවල් කරන්න මොනවගෙ කැමැත්තක් ද තියෙන්නෙ ?

සාමාන්‍යයෙන් මම ෆ්‍රී හැම වෙලාවකම ඇවිදින්න යන කෙනෙක් නෙමෙයි. සමහර අය ෆ්‍රී වුණ ගමන් ට්‍රැවල් කරනවනේ. මම එහෙම නැහැ. අවස්ථාව අනුව ඇවිදින්න  යනවා. මමයි කේසරයි ප්ලැන් කරලා එහෙම ට්‍රැවල් කරනවා. වැඩිපුරම ට්‍රැවල් කරන්නෙත් ඔහු එක්ක තමයි.

ලංකාවේ වැඩිපුරම ට්‍රැවල් කරලා තියෙන්නේ කොහෙද ?

මම ලංකාවේ වැඩිපුරම ඇවිදලා තියෙන්නේ නුවර, ගාල්ල කියන පැතිවල තමයි. ඊට අමතරව මම ගොඩක්ම කැමති නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල කියන පැතිවල ඇවිදින්න යන්න. අපි එකපාරක් ගියා සිංහරාජ රේන් ෆොරස්ට් එකේ ඇතුළේ තියෙන හොටෙල් එකකට. එතන හරිම ලස්සන පරිසරයක් තිබුණේ ලංකාවේ සංචාරය කරද්දී මට තියෙන අමතක නොවෙන සංචාරය ඒක තමයි.   

ලංකාවේ හැර පිටරට සංචාරය කලේ කොහෙද ?

මම වැඩිම කාලයක් සංචාරය කලේ කේසර එක්ක ඩුබායි වල. ඩුබායි වල ෂොපින් කරන්න, ඇවිදින්න, බලන්න යන්න තැන් ගොඩක් තියනවා.  

මේ අවුරුද්දේ සංචාරය කරන්න කැමැත්තෙන් ඉන්න තැන් මොනවද ?

ඇත්තටම කේසරයි මමයි අපි දෙන්නා ඕවර්සිස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව මම ඉන්දියාවේ යන්න කැමැත්තෙන් ඉන්නවා. ලංකාවේ නම් මේ අවුරුද්දේ යාපනේ යන්න විශේෂයෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.  

ජිවිතේ කවදාහරි දවසක ට්‍රැවල් කරන්න අසාවෙන් ඉන්න තැනක් තියනවද ?

ඔව් ඇත්තටම එහෙම තැනක් තියනවා. ඒක මගේ හීනයක්. අපි දැනට ඒක නොකියා ඉමු. දවසක මම කියන්නම්. 

ට්‍රැවල් කරද්දී කන්න ලැබුණු රස කෑම මතක මොනවද ?

ඇත්තටම කෑම ගැන කිව්වම ගොඩක්ම මතක හිටින තැනක් තමයි කණ්ඩලම හොටෙල් එක කියන්නේ. ඒ මෙනු ඒක හරිම රසයි. එකේ විශේෂ කෑම මෙනු එකකුත් තියනවා. කොහොම වුණත් ඒකෙ කෑම හරිම රසයි. අපි මොනවහරි කෑම වර්ග තුනක් ගත්තොත් ඒ තුනම හරිම රසයි. එකකවත් වරදක් කියන්න නැහැ. තව ඩුබායි ගිය වෙලාවේ ඉතාලි රෙස්ටුරන්ට් තියනවා. ලංකාවේත් තියනවානේ, නමුත් ඒ ඩුබායි ගිය වෙලාවේ ඉන්දියාවේ රෙස්ටුරන්ට් එකක තායි කෑම එකක් කන්න ලැබුණා. ඒක රස වැඩි කමට  අපි හැමදාම එතනට ගිහින් කන්න පුරුදු වුණා.

සංචාරය කරද්දී සිදුවුණු අමතක නොවෙන සිදුවීම් මොනවද ? 

අපි සිංහරාජ රේන් ෆොරස්ට් එකේ හොටෙල් එකට යද්දී කේසර තමයි වාහනේ ඩ්‍රයිව් කලේ. මම තමයි ගූගල් මැප් එක දාගෙන ගියේ. දන්න තැනකට එනකන් මැප් එක නැතුව ගිහින් එතැන ඉදලා මැප් එක දාගෙන ගියේ. මම කියලා තියෙන පාර වාහන යන්නේ නැති පාරක්. ඊට පස්සේ පැය ගානක් හෙමින් හෙමින් ගියා. ඒ පැත්තේ මිනිස්සුත් බලනවා වාහනයක් ඒ පැත්තට එන්නේ කොහොමද කියලා. වාහනවලට යන්න අමාරු පාරක් නිසා. කොහොමහරි වාහනෙන් බහිනවා, පාරේ ගල් අයින් කර කර එක තැනකට ආවා. කොහොමහරි ඒ සිදුවීම නිසා ගමන පැය දෙකක් තුනක් පරක්කු වුණා. ඒක ඉතින් මට අමතක නොවෙන සිදුවීමක්.       

අමා අලහකෝන්