මම කැවුම් ගෙඩියක් කෑවත් ගොඩක් අයට ප්රශ්නයක් වුණා - නතාශා පෙරේරා අතීතය මතක් කරයි
නාතාශා පෙරේරා කියන්නෙ එකම එක ගීතයකින් රසිකයින් වසඟයට ගත්ත කවුරුත් දන්න ආදරේ කරන ගායන ශිල්පිනියක්. ඇය විවාහ වුණෙ 'යායට පායනා' ගීතයෙන් කවුරුත් දැන අඳුනගත් ප්රිහාන් එක්ක. කොහොම වුණත් මෑතක ඇය ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණේ ඇය හදිසියේ 'දික්කසාද වන්නට යනවා' කියන ප්රවෘත්තියත් එක්ක. කොහොම වුණත් ඇය මේ කතාන්දර ගැන මෙහෙම කතාවක් කියලා තිබ්බා.
"ළඟදි දාලා තිබ්බා නාතාශා දෙවනි සැමියාත් අතහැර රට යයි කියලා. මම ප්රිහාන්ට පෙන්නුවා. ප්රිහාන් අහනවා ඔයා මට නොකියා ආයෙ බැන්ඳද කියලා. මම කිව්වා මම දන්නෙත් නෑ. මම නින්දෙන්ද දන්නෙත් නෑ බැන්ඳේ කියලා. අපි දෙන්න ගොඩක් වෙලාවට කරන්නෙ හිනාවෙන එක. අපි හරි ජොලියේ ඉන්නවා. විවාහය නෙවේ මගේ විලාසිතා හමේ වර්ණය.. මම කැවුම් ගෙඩියක් කෑවත් ගොඩක් අයට ප්රශ්නයක් වුණා. හැබැයි ඒ දේවල් උපේක්ෂාවෙන් භාර ගන්නවා..."
"බොඩි ශෙමින් සෝශල් මීඩියා හරහා වෙනවා ගොඩක්. කෙනෙක්ගේ ෆොටො එකක් දැක්කම ඒකට හිතා රිදෙන දෙයක් කියන්න ඕනේ වෙනවා. අපි කෙනෙක්ට විවේචනය දෙනවා කියමු... අපිව අගයන්න විවේචනය කරනතාක් කල් තමා අපි රැඳිලා සිටින්නෙ. ඒ වගේ නැති ප්රතිචාරවලට හොඳම ප්රතිචාරය ප්රතිචාර නොදක්වා සිටීම..."