මම කැමතියි හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවන්න
තුෂානි දිනුෂ්කා පතිරගේ කලා ක්ෂේත්රයට තවමත් නවකයෙකි. දැනට නිරූපණයට, රංගනයට සිය දායකත්වය සපයා ඇති දිනුෂ්කා කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ කරන තරුණ රංගන ශිල්පිණියක්ද වෙයි. දැනට දේශිය සිනමාවටද සම්බන්ධ වී ඇති ඇය ඉදිරියේදී චිත්රපට කිහිපයකින්ම ඇයට ඔබව දකින්නටද හැකිවෙයි. මේ දිග හැරෙන්නේ අප ඇය සමග කළ කතා බහයි.
දිනුෂ්කා කියන්නේ කවුද?
කලාවට එකතු වුණේ මොඩල් කෙනෙක් විදිහට. හැබැයි මම රැම්ප් මොඩල් කෙනෙක් නෙමෙයි. ගොඩක් අය මේ ෆිල්ඩ් එකට එන්නේ ඒ ගැන ඉගෙන ගෙනනේ. මම එහෙම නැහැ. අඩුම තරමේ මම මොඩ්ලින් ගැන දැන ගන්න වර්ක් ශෝප් එකකටවත් ගිහිල්ලා නැහැ. පොටෝ ෂූට්වලට පෙනී ඉන්න ආස කරපු නිසා මොඩ්ලින් කළා. ඔය අතරේ ඇඩ්වර්ටිස්මන්ට්වලටත් මම සම්බන්ධ වුණා. ඒ හරහා මාව අඳුනාගෙන මට ආරාධනා කළා සිනමාවටත් එකතු වෙන්න. මුලින්ම මම මේ ෆිල්ඩ් ආවේ මොඩල් කෙනෙක් විදිහටත්. හැබැයි දැන් ඇක්ටර්ස් කෙනෙක් විදිහටත් මේ ෆිල්ඩ් එකේ වැඩ කරනවා කියලා.
ක්ෂේත්රයට සම්බන්ධ වුණේ කොහොමද?
මොඩල් කෙනෙක් විදිහට මේ ෆිල්ඩ් එකට මම එන්නේ 2018 වසරේ. ශෝෂල් මිඩියාවල මම දාන පොටෝස් විඩියෝස් දැකලා සජිත් අබේගුණවර්ධන කියලා පොටෝග්රැෆර් කෙනෙක් මට කතා කළා පොටෝ ෂුට් එකකට. ඒක තමයි මම කරපු පළමු වැඩේ. ඒ හරහා තමයි මම මේ ෆිල්ඩ් එකට සම්බන්ධ වුණේ.
දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?
පොටෝ ෂූට්වලට අමතවර මම මියුසික් විඩියෝ හා කමාර්ෂල් කිහිපයක් කරලා තියෙනවා. බොහෝමයක් දැන් රිලිස් වෙලා තියෙන්නේ. ඒ එක්කම මම කලින් කිව්වා වගේ සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. දැනට චිත්රපට දෙකකට මම පෙනි ඉඳලා තියෙනවා. එකක වැඩ ඉවරයි දැන්. තව එකක් මේ දවස්වල කරගෙන යනවා. ඉදිරියේදී ඒ ගැන තොරතුරු කියන්නම්.
කලා ක්ෂේත්රය ගැන ඔබේ මතය?
ෆිල්ඩ් එක ගැන කියනවා නම් ඇත්තටම මම දන්නේ නැහැ පිටරට මොන වගේ පිළිගැනිමක් ආර්ටිස්ට්ලාට ලැබෙනවාද කියලා. හැබැයි ලංකාවේ නම් මේ ෆිල්ඩ් එකේ වැඩ කරන්න ගොඩක් අමාරුයි කියලා මට තෙරේනවා. මම මේ ෆිල්ඩ් එකට අලුත් ඒ හින්දා මට මේ ෆිල්ඩ් එක ගැන තියෙන්නේ ලොකු කළකිරිමක්. ගොඩක් වෙලාවට මේ ෆිල්ඩ් එකට එන අපි වගේ අලුත් අයට නම් කැපිලි කෙටිලි වැඩියි. මම ඒ වගේ අවස්ථා ගොඩකට දැනට මුහුණ දිලා තියෙනවා. ප්රවිණ කට්ටියගෙන් නම් උදව් මට ලැබුණේ ගොඩක්ම අඩුවෙන්. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන්. දන්නැති දෙයක් ගිහින් අහද්දි සමහර අය මඟඇරියා. පිරිමි අය නම් දන්න දේවල් කියලා දුන්නා. මම ආසයි පුංචි ඉල්ලිමක් කරන්න අපි වගේ අලුතින් මේ ෆිල්ඩ් එකට එන අයට එහෙම දේවල් කරන්න එපා කියලා. අපිත් ඒ අය වගේම ආසයි මේ ෆිල්ඩ් එකට.
නිරූපිකාවක් විදිහට ඔබ අභියෝගාත්ම දේවල් කරනවා දකිනවා?
ඔව් මම කරපු පොටෝ ෂූට් ගත්තොත් ගොඩක් කරලා තියෙන්නේ හොට් ටයිෆ් එකේ ඒවා. ෆිල්ඩ් එකට ආපු මුල් කාලේ නම් නෝමල් කැෂුවල් පොටෝ ෂූට් තමා කළේ. ගොඩක් කට්ටිය කිව්වා මට හොඳ පෙනුමක් තියෙනවා ඒ නිසා හොට් ලුක් එකට පොටෝස් කරන්න කැමති නැද්ද කියලා. ඊට පස්සේ මට හොඳ විශ්වාසවන්ත හොඳ පොටෝග්රැෆර්ලා දෙන්නෙක් මුණ ගැහුණා. ඒ අයත් එක්ක කතා කරලා මේ විදිහට කළොත් හොඳද කියලා. ඒ අයත් කිව්වා ලංකාවේ වුණාට කමක් නැහැ ඔයා චැලෙන්ජ් එකක් විදිහට මේ පොටෝ ෂුට් කරන්න කියලා. ඒ හින්දා මම ඒ පැත්තට යොමු වුණා. දැන් ලංකාවේ වුණත් ඒ වගේ පොටෝ ෂූට්වලට ඉල්ලුමක් තියෙනවා. ඉස්සර නම් මේ වගේ ෂූට් එකක් කළාම ගොඩක් වෙලාවට මඩ පාරවල් තමයි ලැබෙන්නේ. නමුත්, දැන් තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. මොඩ්ලින් ෆිල්ඩ් එක වුණත් දැන් ඕපන් වෙලා තියෙනවා. සංස්කෘතියත් එක්ක හිර වෙලා හිටිය අපිට දැන් ඒ රාමුවෙන් එළියට ඇවිල්ලා තමන්ට කැමති දේ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ කරන දේට දැන් පිළිගැනිමකුත් තියෙනවා.
මොනවද ඔයාගේ ඉලක්ක?
මම හොඳ වැඩක් ආවොත් භාරගෙන කරනවා. විශේෂයෙන්ම චිත්රපට. ඒ වගේම දිගටම මගේ දායකත්වය පොටෝ ෂුට්වලට, කමාර්ෂල් හා මියුසික් විඩියෝස්වලට දෙන්න. මම මේ ෆිල්ඩ් එකට ගොඩක් කැමතියි. හැබැයි ඉතින් ලොකු කාලයක් මම මේ ෆිල්ඩ් එකේ රැඳෙන්න අදහසක් නැහැ. මොකද මම කැමතියි ජොබ් එකත් කරගෙන හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවන්න. ඒ තමයි මගේ තියෙන එකම ඉලක්කය.
බුද්ධික සේනාධිර