‘මම කැමැතියි දේශපාලනය කරන්න’ මදුමාධවගේ මල්ලි ජනප්‍රිය නළු ධනංජය කියන කතාව
පහුගිය කාලයේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි Number9 කියන්නේ, වෙනස්ම කතා තේමාවක් ඔස්සේ ගලාගෙන ගිය මෙම ටෙලිනාට්‍ය පසුගිය දිනක විකාශනය අවසන් වුනා, මෙම ටෙලිනාට්‍යයේ පිටපත ලියලා තියෙන්නේ ජනප්‍රිය නළුවෙක් වන ධනංජය සිරිවර්ධන. ඉතින් අපි අද කතා කරන්නේ මේ වනවිට නළුවෙක් වගේම තිර පිටපත් රචකයකුවන ධනංජය සිරිවර්ධන සමග.
ධනංජය ඔබ සමහර අවස්ථාවල නිරූපනය කල චරිත වලට නිසි වටිනාකමක් ලැබුනේ නෑ නේද? ”එහෙමම කියන්න බෑ කිහිපවතාවක්ම මම ජනප්‍රිය සහ හොඳම නළු සම්මානයෙන් පිදුම් ලැබුවා. හැබැයි මාව අගය නොකරපු තැන් කිහිපයක්ම තිබ්බා. මම අවස්ථා එකොළහක හොඳම නළුවා සම්මානයට නිර්දේශ වුනා, ඒත් මට සම්මානයක් ලැබුනේ නෑ,”
ඔබ හිතන විදියට හේතුවක් තියෙනවද සම්මාන නොලැබෙන්න ” ඔව් මම හිතන විදියට ඒකට හිතුව දේශපාලනය, මොකද මම දේශපාලනේ කලේ නැතිවුනාට මගේ අයියා දේශපාලනේ කරනවා, ඉතින් ඒ නිසා සමහර තැන්වලදී එහි බලපෑම් මගේ රංගන ජීවිතයට බලපානවා.
ඔබේ අයියා කරන දේශපාලනේ ඔබ අනුමත කරනවද ”මෙහෙමයි පැහැදිලිවම කියනවා අයියගේ දේශපාලනය මට අදාළ නැහැ. එයාගේ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා. මම කලාකාරයෙක් මම දේශපාලනයට කඩේ යන කෙනෙක් නෙවෙයි, හැබැයි මමත් කැමැතියි දේශපාලනය කරන්න, මම කැමති මම ප්‍රිය කරන දේශපාලන නායකයෙක් ඉන්නවා, හැබැයි මම පාට පක්ෂවලට කඩේ යන්නේ නෑ,”